iOS app එකක් Windows 10 වෙත පහසුවෙන් ගෙන ඒම දැක්වෙන වීඩියෝවක් නිකුත්...

iOS app එකක් Windows 10 වෙත පහසුවෙන් ගෙන ඒම දැක්වෙන වීඩියෝවක් නිකුත් වෙයි

2984
1
SHARE

Microsoft සමාගමට Windows 10 නිකුත් කිරීමත් සමග ඉතා කාර්ය බහුල කාල වකවානුවක් උදාවී තිබේ. ඒ Universal Windows App platform වැනි අගනා මෙන්ම නිර්භය developer විශේෂාංග Windows 10 සමග ලබාදීමට පොරොන්දු වූ නිසාවෙනි. Microsoft සමාගම එහිදී බලාපොරොත්තු වන එක් සංරචකයක් වන්නේ වෙනත් platforms වල ඇති Windows 10 හි ක්‍රියා කිරීමට ඇති හැකියාවයි. එම “bridges” තවමත් නිර්මාණය වෙමින් පවතින අතර developer කෙනෙකු GitHubහි විවෘත මූලාශ්‍ර ව්‍යාපෘතියක් ලෙස පවතින iOS සඳහා වන Windows Bridge මෙවලම පිළිබඳ අදහසක් ලබාදීම සඳහා මෑතකදී වීඩියෝවක් නිකුත් කරන ලදී.

David Burela මිනිත්තු පහක් ඇතුලත විවෘත මූලාශ්‍ර iOS game එකක් වන Canabalt, Windows 10 වෙත පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පුදුම සහගත හා ඉක්මන් පැහැදිලි කිරීමක් සිදු කරයි.

Bridge එක සහ game එකෙහි මූලාශ්‍ර code, download හා extract කිරීමෙන් අනතුරුව ඔහු code, Visual Studio වෙත ඇතුලත් කිරීමෙන් පසුව ඒවා නිපදවී game එක ආරම්භ වේ. එය කිසිදු බාධාවකින් තොරව නිවැරදි ප්‍රමාණයෙන්, ශබ්දයෙන්, click events වලින් සහ සහය දක්වන hardware සහිතව ස්පර්ශක තිරයේදී ද ක්‍රියා කරනු දැකිය හැකිය. මෙහිදී ඔහු credits හි යම් වාක්ය වෙනස් කිරීමක් සිදු කරන්නේද, Windows app එක වෙත පරිවර්තනය කිරීමෙදී Objective C code එකෙහි ඉක්මනින් හා පහසුවෙන් වෙනස්කම් සිදු කල හැකි බව පෙන්නුම් කරමිනි.

මෙම game එක සරල වුවද, සෑම app එකක්ම Windows 10 වෙත ගෙන ඒම පහසු නොවනු ඇත. මින් පෙන්නුම් කෙරෙන්නේ bridge මෙවලම, Microsoft සමාගම කොපමණ දුරට වර්ධනය කර ඇති ආකාරයත්, එහි ක්‍රියාවලිය හැකිතාක් සරල කිරීමට ගෙන ඇති උත්සහයත්ය. මේ අතර Microsoft සමාගම පසුගිය වසරේ ප්‍රදර්ශනය කල Android bridge මෙවලම, නිපදවීමේ ඇති වූ ගැටලු හේතුවෙන් තාවකාලිකව නවතා ඇත.

Comments

comments