SHARE

Spotlight images ඔයාගේ පරිගණකයෙහි folder එකක් ඇතුලේ සඟවලා තිබෙනවා. හඳුනා ගත නොහැකි ලෙස ඒවා නම් කරලා තිබෙනවා. මෙන්න මේ විදියට ඒවා සොයා ගෙන ඔයාගේ වැඩ කටයුතු වලට යොදා ගන්න පුළුවන්.

1. Run dialog එක විවෘත කිරීමට Windows key එකත් එක්ක R ඔබන්න. [Win + R]

2. පහල තියෙන command එක copy කරලා paste කරන්න. Enter කරන්න.

%localappdata%\Packages\Microsoft.Windows.ContentDeliveryManager_cw5n1h2txyewy\LocalState\Assets

3. හඳුනා ගත නොහැකි files සහිත folder එකක් විවෘත වේවි.

4. අලුත් folder එකකට මේ files copy කරගන්න.

Warning එකක් පැමිණියොත් OK press කරන්න.

5. දැන් මේ සේරම files .JPG extension එකෙන් rename කර ගන්න ඕන. එකෙන් එක කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සේරම එක පාර rename කරගන්නේ මෙහෙමයි.

Shift press කරගෙන right click කරන්න. Open Command Window Here යන්න තෝරන්න. පහල command එක command window එකේ paste කරන්න.

Ren *.* *.jpg

දැන් සේරම files JPEG වලට හැරේවි. නමුත් මෙතන images නොවන files තියෙනවා. ඒවා delete කරන්න.

සමහර images ඔයාගේ ස්මාර්ට් දුරකථනයට යොදාගන්න පුළුවන්.

සතියකට වතාවක් වත් මෙය සිදු කරන්න. මොකද දිනපතා spotlight images generate වෙනවනේ.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY