Microsoft Imagine Cup 2016 තරඟ සඳහා අයදුම්කිරීමට අදහසක් තියනවාද?

Microsoft Imagine Cup 2016 තරඟ සඳහා අයදුම්කිරීමට අදහසක් තියනවාද?

4462
3
SHARE

2003 වසරේ සිට වාර්ෂිකව පැවැත්වෙන Microsoft Imagine Cup තරඟයෙහි අරමුණ වන්නේ අන්තර්ජාතිකව එක් එක් රටවල් තුලින් ඉතා නිර්මාණශීලී සිසු කණ්ඩායම් තෝරා ගැනීමයි. මේ සඳහා ශ්‍රී ලංකාවේ Microsoft ආයතනය මඟින්ද ශ්‍රී ලංකාව පුරා ඇති උසස් අධ්‍යාපන ආයතන, පාසල් සහ විශ්ව විද්‍යාල වලින් විශාල තරඟකරුවන් පිරිසක් සහභාගීවිම අපේක්ෂාකරනවා. මෙවරත් ශ්‍රී ලංකාවේ Microsoft ආයතනය Imagine Cup 2016 තරඟය සඳහා සියලුම කටයුතු සුදානම්කර අවසන්. එහි මුලික අදියර වන ව්‍යාපෘති යෝජනා (Project proposal) භාර ගැනීම දැන් ආරම්භ වී තිබෙනවා. ඔබ දැනටමත් තරඟ විස්තර දන්නේ නම් මෙතැනින් ගොස් අයදුම් කරන්න.

ඒ අනුව Imagine Cup සඳහා තරග වැදීමට ඔබට තරඟ කාණ්ඩයන් කීපයක් යටතේම ඔබේ අදහස් යොමු කල හැකිය.

මෙහිදී ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ අදාල උපකාණ්ඩයන් වර්ග කර ඇත,

  • Beginner වයස සීමාවඅවුරුදු 6 ත් 18 ත් අතර හා අත්දැකීමේ ඉතා අඩු සිසුන් හට මෙම කාණ්ඩය යටතේ සාභාගීවිය හැකිය. මෙය අතීශයෙන්ම ආධුනිකයන් සඳහාවේ. (Online)
  • Medium තරමක් වයසින් වැඩි හා පළපුරුද්ද අතින් ඉහළ තරඟකරුවන් සඳහා මෙම කාණ්ඩය යටතේ තරග වැදිය හැකිය. (Online)
  • Advanced ඉතා ඉහල පළපුරුද්දක් ඇති සිසුන් හා මෘදුකාංග සංවර්ධකයන් සඳහා මෙම කාණ්ඩය යටතේ තරග වැදිය හැකිය.විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සිසුන් සඳහා.
Beginner කාණ්ඩය යටතේ පැවැත්වෙන අනුකාණ්ඩයන්

7

Earth Online තරගය : නව කාණ්ඩයක් වන මෙම තරග කාණ්ඩය ප්‍රධාන වශයෙන් නාසා ආයතනයේ පර්යේෂණ පදනම්ව කෙරෙන නිර්මාණශීලී අදහස් සඳහාවන අතර මෙයට සභාගීවීමට ඔබ වයස අවුරුදු 6 ත් 18 ත් අතර වියයුතුය. තවද මෙය online පැවැත්වෙන තරගයකි.

Earth Online තරගය පිළිබඳ වැඩිදුර තොරතුරු

Medium කාණ්ඩය යටතේ පැවැත්වෙන අනුකාණ්ඩයන්

6

Hello Cloud Online තරගය : Microsoft Azure, Cloud තාක්ෂණය භාවිතා කරමින් විශේෂ නිර්මාණකරන්නන් සඳහා විවෘතව ඇති අතර මෙය වයස 16වැඩි සිසුන් සඳහා වේ. මෙයද අන්තර්ජාලය හරහා පැවැත්වෙන තරඟයකි.

Hello Cloud Online තරගය පිළිබඳ වැඩිදුර තොරතුරු

Advanced කාණ්ඩය යටතේ පැවැත්වෙන අනුකාණ්ඩයන්

මෙහිදී මෙම Advanced කාණ්ඩය විශේෂ ස්ථානයක් හිමිකරගන්නේ මෙහි එන සියලු තරඟ සඳහා ශ්‍රී ලංකාවේ  Microsoft ආයතනය හරහා පියවර කීපයක් ඔත්සේ සිදුවන තරග කාණ්ඩ කීපයක් නිසාවෙනි. මෙම පියවරයන් තවත් ලිපියකින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොතුවන්නෙමු.

2

Games කාණ්ඩය : මෙම තරඟ කාණ්ඩය යටතේ නිර්මාණශීලී හා ක්‍රීඩාකරන්නාහට නියමාකාර විනෝදයක් ලබාදෙන පරිගණක ක්‍රීඩවක් ඉදිරිපත් කිරීමට හැකිය. මෙහිදී මෙම පරිගණක ක්‍රීඩා PC, Mobile , XBox වැනි සියලු උපාංගයන් හරහාම ලබාදීමට හැකිනම් එය ජයග්‍රහණය සඳහා මහගු ලෙස ඉවහල් වනු ඇත.

Games කාණ්ඩය පිළිබඳ තොරතුරු හා ඒ සඳහා අයදුම් කිරීමට

3

Innovation කාණ්ඩය : මෙම කාණ්ඩයට යොමුකළ හැක්කේ නව නිර්මාණයන් වේ. ඔබ සතුව ලොවම වෙනස්කිරීමට හැකි යැයි හැගෙන යම් අදහසක් ඇත්නම් මේ කාණ්ඩය හරහා අයදුම් කිරීම වැදගත් වේ.

Innovation කාණ්ඩය පිළිබඳ තොරතුරු හා ඒ සඳහා අයදුම් කිරීමට

4

World Citizenship කාණ්ඩය : ඔබේ ජීවිතයේ හෝ ලොව බොහෝදෙනා එදිනෙදා මුහුණ දෙන ගැටලුවක් වේද? ඔබට ඒ සඳහා විසඳුමක් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත්ද එසේනම් World Citizenship කාණ්ඩය හරහා අයදුම් කලහැකිය.

World Citizenship කාණ්ඩය පිළිබඳ තොරතුරු හා ඒ සඳහා අයදුම් කිරීමට

ඉහත කාණ්ඩයන් යටතේ ඔබ Imagine Cup සඳහා අයදුම් කිරීමට සිතනවානම් ඒසඳහා https://www.imaginecup.com වෙත ගොස් අදාල කාණ්ඩය හරහා ඔබගේ කණ්ඩායම සමඟ register වන්න. Imagine Cup සඳහා සූදානම් වන ආකාරය පිළිබඳ තවත් ලිපියක් ලගදීම බලාපොරොත්තුවන්න.

Comments

comments