මොකක්ද මේ Arduino Mega 2560 කියන්නේ ?

මොකක්ද මේ Arduino Mega 2560 කියන්නේ ?

2910
0
SHARE

Arduino Mega 2560 කියන්නේ ATMEGA 2560 නම් Micro Controller IC එක යොදාගෙන 3D Printer හා රොබෝ ව්‍යාපෘති වැනි සංකීර්ණ ව්‍යාපෘති සඳහා නිර්මාණය කර ඇති Micro Controller Board එකකි. ඒ තුල පහත දැක්වෙන විශේෂාංග ඇතුලත් වේ.

  • Digital Input/Output අග්‍ර 54 ක් – එයින් 15 ක් PWM(Pulse Width Modulation) ලෙස භාවිතා කිරීමට හැකියි.
  • Analog Input අග්‍ර 16 ක්
  • UART 4 ක් – Universal Asynchronous receiver/transmitter නමින් හැඳින්වෙන මෙය Asynchronous Serial Communication සඳහා අවකාශය ලබා දෙනවා.
  • 16MHz Crystal Oscillator – මෙමඟින් Micro Controller IC එකට 16 MHz වේගයක් ලබාදෙනවා.
  • USB Connection – Micro Controller IC Program කිරීමට හා දත්ත හුවමාරුවට යොදා ගනී.
  • Power Jack – විදුලි බලය ලබා දීමට.
  • ICSP Header – In Circuit Serial Programming ලෙස හැඳින්වෙන මෙය Micro Controller IC එක Program කිරීමට යොදා ‍ගැනේ.
  • Reset Button

Micro Controller IC එක ක්‍රියා කරවීමට අවශ්‍ය සියළුම දේ මෙහි අන්තර්ගත වෙනවා. ඔබට කරන්න තියෙන්නේ USB cable එකක් භාවිතා කර මෙය පරිගණකයට සම්බන්ධ කිරීම හෝ Power Jack එක හරහා විදුලිය ලබා දීමයි (මෙයට 5V සිට 12V දක්වා විදුලියක් ලබා දිය හැකියි).

Arduino4Programming
Arduino IDE මෘදුකාංගය භාවිතා කර මෙය Program කළ හැකියි.
වැඩි විස්තර ලබා ගැනීමට reference හා tutorial බලන්න.

Power

USB Connection භාවිතා කර හෝ Power Jack වෙත බාහිර විදුලි බලයක් ලබා දීම මඟින් මෙය ක්‍රියා කරවිය හැකිය.

Memory

Program Code ගබඩා කිරීම සඳහා ATMEGA 2560 Micro Controller IC එක සතුව 256KB flash මතයකයක් තිබෙන අතර එයින් Bootloader වැඩ සටහන සඳහා 8KB වෙන්කර ඇත. මීට අමතරව 8KB SRAM මතයකයක් හා 4KB EEPROM මතයකයක්ද ඇත. (EEPROM Library භාවිතා කර EEPROM මතයකය ලිවීමට හා කියවීමට හැකියි.)

Input/Output

pinMode(), digitalWrite(), digitalRead() functions භාවිතා කර අග්‍ර 54 ම Input හෝ Output ලෙස භාවිතා කළ හැකියි. සෑම අග්‍රයක්ම 5V විභවයකින් ක්‍රියා කරන අතර 20mA ධාරාවක් ලබා දීමට හෝ ලබා ගැනීමට හැකියි. සමහර අග්‍ර මත එයටම ආවේනික වෙනත් කාර්ය්‍යන්ද ඇත.
මෙහි ඇති Analog Input අග්‍ර 16 මඟින් 0V(Ground) සිට 5V දක්වා විභවයක් මැනිය හැකිය. AREF අග්‍රය හා analogReference() function එක හාවිතා කර මැනිය හැකි අගය පරාසයේ ඉහල සීමාව වෙනස් කළ හැකිය.

Communication

මෙහි ඇති TWI(Two Wire Interface), UART හා SPI(Serial Peripheral Interface) භාවිතා කර පරිගණකයක්, වෙනත් උපකරණයක් හෝ තවත් Micro Controller Board එකක් හා සම්බන්ධ විය හැකිය.

Automatic Reset

මෙම විශේෂාංගය මඟින් පරිපථය Program කිරීමට පථම RESET ස්විචය භාවිතා කිරීම වෙනුවට Program කරන අවස්ථාවේම සම්බන්ධ වී ඇති පරිගණකය මඟින් පරිපථය ස්වයංක්‍රීයව RESET වේ.

Source: guywithtech.blogspot.com

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY