මොකක්ද මේ Hyper V ?

මොකක්ද මේ Hyper V ?

2940
0
SHARE

Hyper V කියන්නේ Microsoft ආයතනයට අයිති වුන product එකක්. මේකේ නිර්මාණය වෙන කාලේ codename එක වුනේ Viridian. ඒ වගේම කාලයකට කලින් Windows Server Virtualization කියන නමින් හැඳින්වුවෙත් ඒකම තමයි. ඔබට පුළුවන් මේ හරහා virtual machine නිර්මාණය කරන්න. මේ ගැන ලොකු වැටහීමක් නැති කෙනෙක්ට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන් මොකක්ද මේ virtual machine එකක් කියන්නේ? කොහෙද මේවා තියෙන්නේ වගේම මොකක්ද virtualization කියන්නේ වගේ දේවල්.

හිතන්න මුලින්ම ඔබට windows server එකක් හදාගන්න ඕනේ කියලා. ඔබට අවශ්‍ය වෙනවා hardware හා software. ඔබට මුලින්ම CPU එකක් මිලට ගන්න වේවි. ඒවගේම ඒ සඳහා ගැලපෙන විදිහේ monitor, motherboard, processor, RAM මේ හැමදෙයක්ම ගන්න වෙනවා. ඒ වගේමයි software වලට ගියාම ඔබට මිලට ගන්න වෙනවා Windows Server OS එකක්. දැන් මේ OS එක පරිගණකයට install කරනවා. හිතන්න ඔබට තව server එකක් අවශ්‍ය වුනා කියලා. දැන් ඔබට සිද්ධ වෙනවා ආයෙත් පරිගණකයක් මිලට අරන් ආයෙත් Server OS එකක් මිලට අරන් install කරගන්න. නමුත් මුල් කාලයේ මේ වගේ පැවතුනාට පසු කාලීනව පරිගණක වේගවත් වීමත් සමඟම dual booting concept එක කරලියට පැමිණියා. වචනයේ තිබෙනවා වගේම එකම පරිගණකයට operating system එකකට වැඩි ගණනක් install කරන ක්‍රියාවලිය තමයි මේ. මේකේ ප්‍රධානම වාසිය, මේ concept එක සෑහෙන ලොකු concept එකක් වුනාට මේකේ ලොකු අඩුපාඩුවක් තිබුණා. ඒ තමයි OS කිහිපයක් install කලත් එක වරකට වැඩ කරන්න පුළුවන් එක OS එකක් සමඟ පමණක් වීම.

හිතන්න ඔබේ පරිගණකයට එකතු කරන්න ඕනේ Windows 8 හා Windows 10 කියලා. ඔබට තිබෙන්නේ පරිගණකයේ hard එක partition කරලා, එක partition එකකට 10 install කරලා අනිකට 8 දාන්න ඔබට පුළුවන්. නමුත් ඔබට භාවිත කර හැකි වන්නේ එකක් පමණයි. ඒ කියන්නේ Windows 8 වල වැඩ කරන් යන වෙලාවක ඔබට සිද්ද වුනොත් 10 වල වැඩ කරන්න, ඔබට සිද්ධ වෙනවා Windows 8 reboot කරලා Windows 10 වලට මාරු වෙන්න.

නමුත් පසුකාලීනව පැමිණුනු virtualization කියන concept එකේ ආගමනය මඟින් මේ duel booting වල තිබුන හුඟක් අඩුපාඩු නිවැරදි කළා කිවොත් නිවැරදියි. මේ මඟින් virtual machines create කිරීමේ හැකියාව මෙය සතු වෙනවා. Virtual Machine එකක් කියන්නේ software පරිගණකයක්. ඒක physical එකක් නෙමෙයි. Virtual Machine එකක් ඔබ එදිනෙදා පාවිච්චි කරන application එකක් වගේම ඉතා සාර්ථකව වැඩ කරනවා. ඔබේ පරිගණකයේ තිබෙන්නේ Windows Server 2012 නම් ඔබ එහි Hyper V install කරගත්තොත් ඔබට එකම වෙලාවක් තුල ඔබේ පරිගණකයේ OS ගණනාවක් run කිරීමේ හැකියාව පවතිනවා.

Hyper V වලදී Host කියලා අපි කියන්නේ ප්‍රධාන server එකට. Host එකේ තිබෙන සියලුම virtual machines වලට අපි කියනවා guests කියලා. Virtual Machine එකක් create කලාට පස්සේ අපිට පුළුවන් අපි කැමති විදිහේ OS එකක් ඒකට install කරගන්න. මට විස්තර ටිකක් ලැබුණා Microsoft Windows Server 2012 පරිගණකයක් අපි host එකක් විදිහට භාවිතා කලොත් අපිට hyper V guests විදිහට භාවිත කරන්න පුළුවන් අය පිළිබඳව.

  • Windows Server 2012
  • Windows Server 2012 R2
  • Windows Server 2008
  • Windows Server 2008 R2
  • Windows Server 2003 R2
  • Windows Server 2003 Service Pack 2
  • Windows Home Server 2011
  • Windows 8.1
  • Windows 8
  • Windows 7 Professional, Enterprise සහ Ultimate

ඒ වගේම Linux Support Systems තිබෙනවා,

  • CentOS
  • Red Hat Enterprise
  • SUSE Linux Enterprise Server 11
  • Ubuntu

මේ සියල්ලම Hyper V clientsල විදිහට ගන්න පුළුවන්. ඔබ Guest System එකක් create කරද්දී resources නිවැරදිව allocate කරන්නට අවශ්‍යයි. ඔබට ඕනේ තරම් guest account හදන්න පුළුවන්. නමුත් තමන්ගේ hostගේ resources ප්‍රමාණය ගැන නිවැරදි වැටහීමක් තිබෙන්න ඕනි.

Hyper V Licensing

ඒ වගේම ඔබට පැහැදිලිවම කියන්න අවශ්‍යයි, ඔබ server machine එකට licence එකක් මිලට ගන්නවා වගේම, ඔබ guest system වලටත් මේ වගේම මිලට ගන්න අවශ්‍ය වෙනවා. නමුත් ඔබ Windows Server 2012 හෝ Windows Server 2012 R2 Datacenter Editions පාවිච්චි කරනවානම් Hyper V host විදිහට ඔබට unlimited number of virtual machines හදාගන්න පුළුවන්. සාමාන්යෙන් විශාල network එකකට වැඩියෙන් සුදුසු වෙන්නේ මේක.

කෙනෙක් හිතනවානම් අපි මේ කරන්න උත්සහ කරන දේ සාර්ථකයි කියල, පහලින් comment එකක් දාන්න පුළුවන්. අඩුපාඩු කියන්න අපිට. අපි හැමවෙලේම අපේ රසිකයෝ එක්ක ඉන්න කැමතියි.

නැවත හමුවෙමු…

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY