මොකක්ද මේ Remix OS එක කියන්නේ?

මොකක්ද මේ Remix OS එක කියන්නේ?

3647
0
SHARE

Remix OS එක ගැන ගොඩක් දෙනා මේ වෙද්දී දන්නවත් ඇති. සරලවම කියනවා නම් Remix OS කියන්නේ Android වල desktop version එකක්. Jide සමාගම Remix OS එක නිර්මාණය කරලා තියෙන්නේ desktop එකක ඉතාම පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් විදිහටයි. Remix OS Player කියන්නේ නොමිලේම download කරගන්න පුළුවන් Windows සඳහා වන OS emulator එකක්. ඒ හරහා Android apps සහ games පහසුවෙන්ම Windows වලත් run කරගන්න අපිට පුළුවන්. Remix OS එක නම් Windows device එකකට USB stick එකක් හරහා පහසුවෙන්ම install කරගන්න පුළුවන්. Remix OS Player එක install කරගන්න ඔයාලට අවශ්‍ය නම් ඒක .exe file එකක් විදිහට download කරගන්න වෙනවා.

Remix OS Player එක run වෙන්නේ Android Studio වල තියෙන virtual machine එකක් තුලයි. ඒ වගේම Remix OS Player සඳහාම වෙන් වූ විශේෂිත window එකක් තියෙනවා. Remix OS Player එකට පදනම් වෙලා තියෙන්නේ Android Marshmallow (6.0) version එකයි. මේ හරහා ඔයාලට Google Play Store එක භාවිතා කරන්නත් පුළුවන්.

Remix OS එක නිර්මාණය කරපු අය නම් ඒක gaming emulator එකක් විදිහටයි නිර්දේශ කරන්නේ. ඔයාලා Android devices වලින් play කරපු Clash of Clans වගේ games, Remix OS එක හරහා ඔයාලට Windows desktop එකේදිත් play කරන්න පුළුවන්. Remix OS එක පාවිච්චි කරන්න නම් ඔයාලගේ computer එකෙත් සුදුසුකම් කිහිපයක් තියෙන්න ඕනේ. Operating system එක Windows 7 හෝ latest version එකක් වෙන්න ඕනේ. processor එක අවම වශයෙන් Core i3 වත් වෙන්න ඕනේ. ඒ වගේම අවම වශයෙන් 8GB storage එකක් තියෙන්නත් ඕනේ. කොහොම උනත් Remix OS Player කියන්නේ ඉතා පහසුවෙන්ම පාවිච්චි කරන්න පුළුවන් package එකක්.

ඔයාලත් කැමති නම් Remix OS Player එක අත්හදා බලන්න, පහල තියෙන link එකෙන් ඔයාලට Remix OS Player එක download කරගන්න පුළුවන්.
http://www.jide.com/remixos-player

source : theverge.com 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY