Imagine Cup සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂාකරන නිර්මාණ කෙසේවිය යුතුද?

Imagine Cup සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂාකරන නිර්මාණ කෙසේවිය යුතුද?

3252
0
SHARE

Microsoft Imagine Cup 2016 තරඟාවලියේ ව්‍යාපෘති යෝජනා යොමුකිරීමට ඇත්තේ තව දින කීපයක් පමණි ( අවසන් දිනය පෙබරවාරි 5 ). නමුත් තවමත් ඔබ Imagine Cup සඳහා සූදානම්වී නැතිනම් මේ ලිපිය ඔබට වැදගත්වනු ඇති. මේ ලිපියේදී අප අවධානය යොමුකරන්නට යන්නේ බොහෝදෙනෙකුට ගැටලුවක්ව ඇති මාතෘකාවක් සම්බඳවයි. ඒ “මොනවගේ නිර්මාණයක්ද මේ සඳහා ඉදිරිපත්කිරීමට සුදුසු” කියන ගැටලුව.

ප්‍රථමව ඔබ, අප විසින් Microsoft Imagine Cup 2016 සඳහා අයදුම් කළ හැකි තරඟ කාණ්ඩයන් පිළිබඳව ඉදිරිපත් කළ ලිපිය පිළිබඳ අවදානය යොමුකරන්න. එහිදී අප කාණ්ඩයන් කීපයක්ම ඉදිරිපත් කළා ඔබට මතක ඇති.මේ ලිපියේදී  අප ඔබවෙත ගෙන එනු ලබන්නේ Advance කාණ්ඩය යටතේ ඔබ විසින් ඉදිරිපත් කරණු ලබන නිර්මාණ සම්බඳවයි.  මෙහිදී එහි අනුකාණ්ඩයන් හිදී එක් එක් කරුණු පිළිබඳ විමසා බලමු.

Games කාණ්ඩය :

ඔබ පරිගණක ක්‍රීඩාවක් (Game) නිර්මාණය කිරීමට අදහස්කරන්නේ නම් එහිදී ඔබ නිර්මාණය කරණුලබන පරිගණක ක්‍රීඩාව අතීශය විනෝදජනක (Entertain) වියයුතුයි. අනෙක් අතට දැනට පවතින පරිගණක ක්‍රීඩාවන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ අත්දැකීමක් දෙන ක්‍රීඩාවක් වියයුතුය. විචිත්‍රවත් වූ ග්‍රැෆික් නිර්මාණ තුලින් පරිශීලකයා ක්‍රීඩාවේ ඇද බැඳ තබාගැනීමට සමත් වියයුතුය. තවද මෙහිදී ඔබ විසින් විවිද වූ මෙහෙයුම් (Missions) හෝ මට්ටම් (Game Levels) ඉදිරිපත් කල යුතු අතර එම එක් එක් මට්ටම් සඳහා අදාල වූ  කැපීපෙනෙන වෙනස්කම් හා එක් එක් මෙහෙයුම් ඉතාමත් අභියෝගාත්මක වියයුතුය. ක්‍රීඩාව වටාගෙතුනු කතාවක් නිර්මාණය වී තිබීමද වැදගත් කරුණකි (Story Boarding) . තවත් එක් විශේෂ කරුණක් වන්නේ මෙහිදී ඔබගේ පරිගණක ක්‍රීඩාව සමඟ ක්‍රීඩා කිරීම සඳහා Windows Phone, Xbox වැනි ඕනෑම එකක් භාවිතයට ගත හැකිවීමයි (Cross platform) නමුත් මෙය අත්‍යාවශ්‍ය කරුණක් නොවේ . Windows 10 හි ඇති UWP – Universal Windows Platform විශේෂාංග මඟින් මෙම කටයුතු සිදුකල හැකිය.

Games කාණ්ඩය යටතේ පසුගිය වසරේ ලෝකශූරයින් බවට පත්වූ කණ්ඩායම මඟින් ඉදිරිපත් කල පරිගණක ක්‍රීඩාව හා ඒ සඳහා භාවිතාකළ තාක්ෂණයන් පිළිබඳ විඩියෝව පහතින්.

 

Innovation කාණ්ඩය :

මෙහිදී ඔබ විසින් ඉදිරිපත් කල යුත්තේ ලෝකයම වෙනස් කළහැකි නිර්මාණයකි. ඔබේ නිර්මාණය දැනට ඇති සම්ප්‍රදායික ක්‍රම වෙනස්කිරීමට හැකියාවක් ඇති නිර්මාණයක්ද එසේ නැතිනම් ඔබේ නිර්මාණය මඟින් තාක්ෂණය යම්තාක් දුරකට හෝ වෙනස්කිරීමට සමත්ද ? ඔබේ නිර්මාණය ලොවපුරා ජනයා විසින් එදිනෙදා ජීවිතයේ භාවිතා කරනු දැක ගැනීමට කැමතිද? එසේනම් මේ කාණ්ඩය ඔබටයි. මේසඳහා ඉදිරිපත් කරණුලබන ඉදිරිපත් කිරීම් එක්කෝ සාමාන්‍ය මෘදුකාංගයක් විය හැකිය එසේත් නැතිනම් ලොව පුරා සීඝ්‍රයෙන් දියුණුවෙමින් පවතින  IoT (Internet of Thing) තාක්ෂණික ක්‍රම භාවිතයෙන් සමන්විත නිර්මාණයක් විය හැකිය. ඒ අනුව මෙවර වඩාත් අවදානයක් යොමු කරණු ඇත්තේ IoT සමඟ සිදුකරණ නිර්මාණයන් සඳහා වේ.

පසුගිය වසර Innovation කාණ්ඩයේ ලෝකශූරයින් බවට පත්වූ කණ්ඩායමේ ඉදිරිපත්කිරීම හා ඔවුන්ගේ අදහස, ඔවුන් භාවිතාකල තාක්ෂණයන් පහත වීඩියෝවෙන්.

World Citizenship කාණ්ඩය:

මෙම කාණ්ඩය යටතේ තරඟවැදීමට නම් ඔබ විසින් ලෝකයේ පවතින විශාල ගැටලුවක් පදනම් කරගත යුතුයි. උදාහරණ ලෙස ලොව පවතින ස්භාවික විපතක්, දරුණු රෝගයක්, මිනිස් අයිතිවාසිකම් අහිමිවීම, දිළිඳුකම, පරිසර දූෂණය, ගෝලීය උණුසුම ඉහලයාම, ඇතුලු අනෙකුත් ඕනෑම ගැටලුවක් සඳහා ඔබ තොරතුරු තාක්ෂණය මඟින් කෙසේ දායක වන්නේදැයි ලොවට පෙන්වන විසඳුමක් ඉදිරිපත්කල යුතුය. මෙම විසඳුම මෘදුකාංගයක් හෝ දෘඩාංග භාවිතාවන ඕනෑම නිපැයුමක් විය හැකිය.

පසුගිය වසරේ World Citizenship කාණ්ඩයෙන් ජයග්‍රහණය කළ ලෝකශූරයින්ගේ ඉදිරිපත්කිරීම පහතින්.

පසුගිය වසරේ ලෝකශූරතාව තෙරීමේ උත්සවයේ ඉදිරිපත් කිරීම සහ ජූරිය පහතින් නරබන්න.

ඉහත සඳහන් කල අයුරින් ඔබගේ නිර්මාණය ඉදිරිපත් කිරීමට හැකිණම් ඔබට තරඟාවලියේ ජය නියත බව පැවසිය යුතුය. මෙම ලිපිය ඔබගේ නිර්මාණය සඳහා මගඟුපිටුවහලක් වනු ඇති බව මාගේ විශ්වාසයයි. ඔබට ඇති අනෙකුත් සියලු ගැටලු dileepa [at] windowsgeek.lk හරහා මාවෙත යොමුකිරීමට කාරුණික වන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY