ඔබ Microsoft Office 365 භාවිතා කළ යුත්තේ ඇයි ?

ඔබ Microsoft Office 365 භාවිතා කළ යුත්තේ ඇයි ?

2875
4
SHARE

Microsoft Office 365 මෘදුකාංගය යනු Microsoft Office සඳහා විකල්පයක් ලෙස ඉතා ජනප්‍රිය වෙමින් පවතින මෘදුකාංගයක් බව ඔබ දැනටමත් අසා ඇති. ඉතින් ඔබට Microsoft Office 365 වැදගත් වන හේතු 10ක් පහතින් බලන්නකෝ.

ඔබ මීට පෙර Office 365 ගැන දැනුවත්ව නොමැතිනම් මේ ලිපිය කියවන්න

1. කව්රුත් දන්නා Microsoft Office තවත් බොහෝ දේ සමගින්

Office 365 යනු cloud based service එකක්. මෙයට අපි කව්රුත් ඉතා හොදින් හඳුනන Word, Exel, PowerPoint,Outlook, OneNote, Publisher වගේ Microsoft Office apps ද ඇතුලත් වෙනවා. ඉතිං Ofiice 365 අපි කාටත් පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන්.

2. එකවර කිහිපදෙනෙකුට එකම ලියවිල්ල සංස්කරණය කළ හැකි වීම

Office 365 හි ඇතුලත් apps සියල්ලම එකිනෙකට ඒකාබද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි document එකක් create කරාම ඒක ඉබේම cloud storage එකේ save වෙනවා. අනිත් අයටත් share වෙනවා. එවිට එකවර කිහිපදෙනෙකුට එකම ලියවිල්ල සංස්කරණය කිරීමට පුළුවන්.
වෙනත් අය සිදුකරන වෙනස්කම් පෙන්නුම් කරනවා වගේම අදාළ වෙනස්කම කරන පරිශීලකයා කවුද කියලත් අපිට බලාගන්න පුළුවන්.

3. Devices කිහිපයක් හරහා වැඩ කිරීමේ හැකියාව

Office 365 plans බොහොමයක මෙම පහසුකම දක්නට ලැබෙනවා. එක් පරිශීලකයෙකුට devices 15 ක් සදහා office 365 install කර ගැනීමටත්, වෙනත් device එකකට installation එක transfer කරගැනීමටත් පුළුවන්.

4. Office Mobile app හි ඵලදායීතාවය

ඔබේ අතේ ඇති smart phone එකේ Office app එක හරහා cloud storage එකට documents හදන්නත් edit කරන්නත් save කරන්නත් පුළුවන් නිසා ඔබේ වැඩ මේසයට හා පුටුවට සීමා විය යුතු නෑ.

5. අවශ්‍ය ඕනෑම වෙලාවක වැඩ කිරීමේ හැකියාව

ඔබගේ documents, preferences සහ settings ඔබගේ devices සහ අන්තර්ජාලය හරහා ඒ මොහොතේම update වෙන නිසා ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී කලින් නතර කරන ලද ස්ථානයේ සිට ඉදිරියට වැඩ කිරීමේ හැකියාව පවතියි.

6. නෑදෑ හිත මිතුරන් සමග සබදතාවය

Office 365 Home සහ Office 365 Personal වැනි plans මගින් රටවල් 8ක ජංගම දුරකථන සදහාත් රටවල් 60කට අධික ප්‍රමාණයක රැහැන් දුරකථන සදහාත් නොමිලේ Skype calls ලබා ගැනීමේ පහසුකම සලසා දී තිබේ. වැඩි විස්තර සදහා මෙතැන බලන්න.

7. OneDrive හි 1 TB ක සංචායක ධාරිතාවයක්

එක් Office 365 පරිශීලකයෙකුට OneDrive හි 1TB ක සංචායක ධාරිතාවයක් හිමි වේ. ඔබේ smart phone, tablet හෝ PC/MAC මගින් මේ සඳහා පිවිසිය හැක.

8. ව්‍යාපාරික කටයුතු වලට පහසුවක්

ඔබගේ ව්‍යාපාරික e-mail ලිපිනය Office 365 ගිණුම සමග සම්බන්ධ කිරීමෙන් ඔබගේ ව්‍යාපාරය සදහා Office 365 උදව් කර ගත හැකිය. Office 365 Business plans මගින් ඔබව ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ කරන tools (social networking, video conferencing සහ SharePoint team sites) සපයන අතර OneDrive මගින් ව්‍යාපාරික තොරතුරු ගබඩා කිරීමටත් share කිරීමටත් හැකියාව ලැබේ.

9. පහසු කලමනාකරණය

Office 365 නිරන්තරයෙන් update වන නිසා සෑමවිටම නවතම office applications ඔබට භාවිතා කළ හැකිය.

10.Online Training සහ Office Support

Office 365 සියලු සේවාවන් වේගවත් කරගන්නා ආකාරය දැනගැනීමට මෙතැන සහ Online Office Support සදහා මෙතැන බලන්න.

මූලාශ්‍රය : Windows Blog

Comments

comments

4 COMMENTS

LEAVE A REPLY