Windows 10 සදහා My People නැවතත්

Windows 10 සදහා My People නැවතත්

2954
0
SHARE

ඔබේ ලගම හිතවතුන්ට ඔබව සමීප කිරීම සදහා Microsoft ආයතනය විසින් හදුන්වා දී තිබූ තවත් එක් අංගයක් තමයි My People කියන්නෙ. මෙය මීට කලින් එලි දැක්වුනු Windows Creators Update හි ඉවත් කර තිබුනත් දැන් එහි කාලීන වැදගත්කම නිසාම Windows Insider Build(16184) සමගින් නැවතත් කරලියට පැමිණ තිබෙනවා.

Creators Update හි සාර්ථක නිමාවත් සමගම Microsoft සමාගම ඔවුන්ගේ Windows 10 සදහා වන මීලග ප්‍රධානතම Update එක, Redstone 3 සදහා සූදානම් වෙමිනුයි සිටින්නෙ. Redstone 3 මගින් ප්‍රධාන වශයෙන් framework කෙරෙහි අවධානය යොමු කරද්දි My People ‘experience’ වැනි Windows 10 Mail සමග Gmail භාවිතා කරන්නන්ට පහසුව සලසන features වැඩි දියුණු කිරීමට අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම Package සහ Travel reservation tracking features ද එක් වී තිබෙනවා.

ඉතින් මේ එළිදැක්වීමට නියමිත Redstone 3 හි My People කාර්යයභාරය ඉතා වැදගත් එකක් වේවි. මෙහි අරමුණ වෙන්නෙ ඔබට යහළුවන් හිතවතුන් කොපමණ සිටියත් ඔබ නිතර ඇසුරු කරන සමීපතම මිතුරන් කිහිප දෙනා සමග ශක්තිමත් බැදීමක් ඇති කර ගැනීමට මග සලසා දීමයි. දැන් ඔබට My People මගින් ඔබේ සමීපතමයන් 3 දෙනෙකුව Task bar එකට Pin කර ගත හැකියි. දැන් ඔබේ හොදම යහළුවා සිටින්නේ ඔබට Click එකක දුරිනුයි. ඔබේ Task bar එකේ සිටින යහළුවාව click කල විට messaging window එකක් මගින් ඔහු හෝ ඇය සමග සම්බන්ද වීමට ක්ෂණිකව ඉඩ සලසා දෙනවා.

ඇත්තටම මෙය Skype එකට සමාන අත්දැකීමක් වේවි. කොහොම උනත් මීට පෙර හදුන්වා දුන් My People features සියල්ලම මෙම නව iteration එකෙහි තිබෙනවා දැයි යන්න නම් පැහැදිලි නැහැ. ඔබගේ My People නිවැරදිව launch කර ගැනීමට අවශ‍ය නම් Skype, Mail සහ People apps හි ආසන්නතම version සියල්ල Store එකෙන් download කර ගත යුතු වෙනවා.

Read more at : PCWorld

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY