Windows 10 සමග එන නව Browser එක Microsoft Edge

Windows 10 සමග එන නව Browser එක Microsoft Edge

16253
1
SHARE

Windows 10 වලදි වැඩියෙන් අවදානය යොමුවෙලා තියෙන දෙයක් තමයි Security කියන්නේ.ඒ වගේම මේ Security එක Operating System එකට විතරක් සීමා කරන්නෙ නැතුව Security අතින් ඉහල Edge Browser එකත් නිකුත් කරලා තියෙනවා.

Edge Browser එක Project Spartan කියලත් හඳුන්වනවා.ඒ වගේම මේ Edge Browser එක Internet Explorer ඉතිහාසය ඉවර කරලා Microsoft සමාගමේ නව Web Browser එක වෙන්නයි යන්නෙ.ඊට හේතුවන්නේ Edge Browser එක Fast වීම අලුත් Features ගොඩක් තිබීම, Devices ගොඩක Run කිරීමේ හැකියාව හා ආරක්ෂා සහිත බවයි.

ඒ වගේම මේ Edge Browser එක මගින් Phishing Account, Malicious Extensions Memory corruption වගේ ඒවායින්වෙන බලපෑම් බොහෝදුරට අඩුකරන්න උත්සහ කරලා තියෙනවා.

ඒ වගේම මේ අලුත් Edge Browser එකේ හුරුපුරුදු Features ටිකක් භාවිතාකරලත් තියෙනවා.ඒවා තමයි SmartScreen, Certificate Reputation checking හා HTTPS සඳහා වන ලොක් එකක සලකුණ EV Cert green bar එක .ඒවගේම අලුතෙන් ලබාදෙන TLS standard එකක් වන HTTP2 Protection එක.

ඒවගේම Edge Browser එක Windows 10 සමග එන Windows Passport සඳහා Support කරන නිසා Password පාවිච්චිය අඩුවෙන් තමයි කරන්න තියෙන්නෙ.

Edge HTML rendering engine එක වගේම ඒකෙ Threads Run වෙන්නෙත් Sandbox එකක් ඇතුලෙ,හරියට Windows Store app වගේ.ඒවගේම Edge එකත් Run වෙන්නෙ වෙනම Sandbox එකක. පරණ Internet Explorer වගේ නෙමෙයි.ඒ වගේම මේක Operating System එකක කොටසක් නෙමෙයි, සම්පූර්ණ App එකක්.

ඒවගේම Edge App එක Store එක හරහා පහසුවෙන් Update කරගන්න පුළුවන්.ඒ කියන්නේ මොකක් හරි Security එකේ වැඩිදියුණු කිරීමක් කරන්න ඕනෙනම්  Microsoft එකට එකවර සියළු Windows 10 පාරිභෝගිකයන්ගේ Browser වලට ඒක කරන්න පුළුවන්.මේක කියවන ඔබ Security researcher කෙනෙක්නම් හෝ වැඩිදුර හොයන්න කැමතිනම්. ඔයාලට පුලුවන් bug bounty program එක හරහා Microsoft එක හඳුනානොගත් Bugs Microsoft එකට හොයලාදෙන්න.ඒ සඳහා මේ Link එක යොදාගන්න.

Microsoft Edge ගැන තවදුරටත් සොයාබැලීමට මේ Link එක භාවිතාකරන්න.

 

Comments

comments

1 COMMENT

  1. […] Windows 10 Mobile මෙහෙයුම් පද්ධතිය සදහා අවශ්‍ය වන අවම RAM ධාරිතාව 1GB වුවත් 512MB RAM ධාරිතාවය සහිත Lumia 520 වැනි උපාංග සදහාත් තරමක් හැකියාවන් වලින් අඩු Update ලබා දෙනවා.තවද මෙම පද්ධතිය IP messaging සදහාද සහයෝගය දක්වනවා.තවත් සුවිශේෂීතාවයක් වන්නේ OTG සදහා සහයෝගය දැක්වීමයි.ඔබට පහසුවෙන් වෙනත් Pen Drives වැනි උපාංග සම්බන්ධ කල හැක. මේ සමග එන Universal Photo යෙදුම තවත් සුවිශේෂ ලක්ෂණ වලින් සමන්විතයි. Camera යෙදුමද වැඩි දියුණු කර ඇත.Red Eye ඉවත් කිරීම හා ස්වංක්‍රීය Brightness පාලනය මේ අතර වේ. පුද්ගලික පරිගණක සදහා මෙන්ම මේ පද්ධතියට Spartan නමින් හැදින්වෙන ව්‍යාපෘතිය මගින් … […]

LEAVE A REPLY