SHARE

ඔබ Linux හෝ Mac භාවිතා කරන්නෙක් නම් දැනටමත් දන්නවා ඇතිනේ එකවර programs බොහොමයක් විවෘත කරගෙන ඉද්දි ඒවා හසුරුවන්නට මෙම අංගය ඉතා වැදගත් කියලා. අවසානයේදී Windows 10 හි Task View යන නමින් මෙම අංගය හදුන්වාදී තිබෙන අතර එය Taskbar එකෙහි පවතිනවා.

Task View මත Click කල විට Task View Interface එක ලැබෙනවා.එහි ඔබ විවෘත කර ඇති Windows සහ virtual desktops දක්නට ලැබෙනවා.ඔබ ප්‍රථම වතාවට මෙය විවෘත කල විට ඔබට දක්නට ඇත්තේ desktop එකක් පමණි. තව virtual desktop එකක් එකතු කරන්න “Add a desktop” මත Click කල යුතුය.

දැන් ඔබ Task View මත click කල විට ඔබ විවෘත කර ඇති desktop පෙනෙනවා.

ඔබට යතුරු පුවරුව භාවිත කරලත් Desktop අතර හුවමාරු වෙන්න පුළුවන්.Windows key + Tab ඒ සදහා යොදා ගත හැක.

වෙනත් Desktop එකක Programs run වෙද්දී ඒ බව, Programs icon එක වෙනස් වී දැනුම් දෙනවා.

තවද ඔබට හැකියාව තියෙනවා වෙනස් desktop අතර programs හුවමාරු කරන්නට.ඒ සදහා Task View මත click කරලා ඔබට මාරු කිරීමට අවශ්‍යය program එකෙහි thumbnail මත right click කරන්න.ඊළගට “Move to” තෝරන්න.

මෙසේ විවෘත කල desktop වස දැමීමට thumbnail වල ඉහල දකුණු කෙළවරෙහි ඇති X click කරන්න.

මෙහිදී භාවිතා කල හැකි Keyboard Shortcuts ,

  • WIN + CTRL + LEFT/RIGHT: ඉදිරි හෝ පසු පස desktop අතර හුවමාරු වීමට
  • WIN + CTRL + D: නව Desktop එකක් සැදීමට
  • WIN + CTRL + F4: වර්තමාන Desktop එක වසා දැමීමට
  • WIN + TAB: task view ආරම්භ කිරීමට

 

 

 

 

Comments

comments

1 COMMENT

LEAVE A REPLY