Windows 10 වලට අලුතෙන් ආපු clipboard

Windows 10 වලට අලුතෙන් ආපු clipboard

1878
0
SHARE

Windows 10 වලට අලුතෙන් ආපු features ගණනාවක් ගැන අපි සැරෙන් සැරේ කතා කළා. මේකත් ඒ වගේම කතාවක්. 2018 වසර මැදදී Windows 10 වලට ආපු update එක තුලින් විවිධ features අඩංගු වුණා. මේකේ හොඳම feature එක විදිහට මම දකින්නේ cloud-powered clipboard එක. මේකේ හොඳම හැකියාව තමයි තමන්ගේ content එක අරගෙන ඕනෑම device එකක් එක්ක වැඩ කරන්න පුළුවන්කම. ඒ වගේමයි එය සතු වෙනවා history එක පවා clipboard එකේ. ඒ වගේමයි එය සතු වෙන timeline එක. ඔබ කරන සෑම දෙයක්ම මෙහි sync වෙනවා. ඔබ මිට කලින් එක පරිගනකයක copy කරන දෙයක් තවත් පරිගනකයක paste කරලා තිබෙනවද? මෙන්න එය කරලා බලන්න හොදම උපාංගය.

ඔබ අහල තිබෙනවද Windows 10 dark theme එක ගැන. මේ dark theme එක එනවා Windows 10 File Explorer එකට. මේකෙන් හුඟක් Desktop apps වලට ප්‍රශ්නයක් වෙන එකක් නැති වුනත් මේ විදිහට මේක dark theme එක apply කරන විදිහ ඉගෙන ගන්න එක වැදගත් වේවි. Dark Mode එක enable කරගන්න අවශ්‍යයි නම් කෙලින්ම Settings වලින් Personalization තෝරාගන්න. මෙහි අඩංගු වේවි Colors. ඔබට තිබෙන්නේ Choose your app mode තුලින් Dark කියන option එක select කරන්න. මේ ඔබේ selection එකත් එක්කම ඔබේ Settings application එක dark වර්ණයට හැරෙනවා.

ඔබට මතක ඇති හුඟක් Universal Windows Platform apps ගැන අපි ලිපි කිහිපයකම කතා කළා. ඔබ මේ dark theme එකට හැරෙනවත් එක්කම හුඟක් UWP apps automatically dark color එකට හැරෙනවා. සමහර apps මේ විදිහට හැරවෙන්නේ නැති වෙන්න මුලික හේතුව වෙන්නේ ඒවගේ developersල තාම ඒ ගැන කටයුතු නොකිරීම. මේ dark theme එක අපු කාලයේදී file explorer එකට මෙය support කලේ නැහැ. නමුත් පසුව මෙයත් dark theme එකට ඇතුලත් වුණා. නමුත් මේ වන විටත් paint වගේ desktop apps මේ සඳහා support කරන්නේ නැහැ.

මේ dark theme එක microsoft edge වලට support කරන බව ඔබ දැන සිටියද? මේක on කරන්න ඔබ දන්නවද? ඔබට තියෙන්නේ toolbar එකේ menu button එක click කරලා settings option එක select කරලා. එතනින් Choose a theme එකේ, drop down menu,  එකෙන් Dark option එක select කරන්න ඕනේ. මේ විදිහට dark කලාට පස්සේ title bar, toolbar සහ menu සියල්ලම dark බවට පත් වෙනවා. නමුත් වෙබ් පිටු වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබට මේක වෙබ් පිටු වලටත් අදාල කරගන්න ඕනෙනම් Turn Off the Lights කියන extension එක පාවිච්චි කරන්න පුළුවන්. Groove music player, Movies & TV video player, and Photos apps සියල්ලම automatically system theme settings ගන්න නිසා ඔබට edge වගේ ඒවා වෙනස් කරන්න සිද්ධ වෙන්නේ නැහැ.

ඒ වගේම බොහොම සුළු වෙනස්කම් වගයක් සිද්ධ වුණා Notepad එක තුල. ඔබට දැන් පුළුවන් වචන highlight කරන්න, ඒ වගේම keyboard shortcut එකක් තුලින් මේ highlight කරපු වචන Bing වලට ගිහින් Search කරන්න වගේ පහසුකම්. තවත් ඉස්සරහට මේ notepad එක තවත් අලුත් features එකතු කරගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

තව විස්තර එක්ක තවත් ලිපියකින් හමුවෙමු…

Source: https://www.theverge.com/2018/5/9/17336318/microsoft-windows-10-cloud-clipboard-file-explorer-dark-mode-features

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY