සියළු උපාංග සදහා windows 10 Fall creators update සූදානම්.

සියළු උපාංග සදහා windows 10 Fall creators update සූදානම්.

2442
0
SHARE

Windows 10 Fall Creators Update එක දැන් සියළුම සැසදෙන උපාංග හා භාවිතයට සියලු කටයුතු සූදානම් බව පසුගිය දිනකදී අපට අසන්නට ලැබුනා. ඒ අනුව දැනට Windows 10 Fall Creators Update එක run කල හැකි එහෙත් තවමත් එම update එක කර නොමැති උපකරණ වෙත මෙම අළුත්ම Windows Version එක Windows Update හරහා ලබා ගත හැකියි. Microsoft ආයතනයට අනුව Windows 10 Fall Creators Update එක තමයි මේ වෙනතුරු බිහිවුනු, උපකරණ මිලියන 100 ක් දක්වා පැතිරෙන්න තරම් වේගවත් වුණු Windows 10 version එක.

නවතම update සැකසීමේ ක්‍රියාවලිය පැහැදිලි කරමින් Microsoft ආයතනයේ ප්‍රකාශකයෙකු මෙලෙස අදහස් දැක්වූවා.

“නවතම feature update එකක් නිකුත් කලාම අපි මුලින්ම ඉලක්ක කරන්නෙ අපේ update එකෙන් හොදම update experience එක ලබා දෙන්න පුලුවන් devices මොනවද කියන එක ගැනයි. එලෙස තෝරාගැනීම සිදු කරන්නෙ device එකේ characteristics අනුව. Testing කිරීම අප ආයතනය සහ device partner යන දෙපාර්ශවය විසින්ම සිදු කෙරෙනු ලබනවා.  මෙහිදී අපි application එකෙහි ඇති ගැටළු පිලිබද සහ application එක සමග devices ඵලදායීව ක්‍රියා කරනවා දැයි  යන්න සොයා බලනව. අවශ්‍යය තැන් වලදී සුදුසු වෙනස්කම් ද සිදු කරනව. මෙලෙස ඇති වන ගැටළු ආරම්භයේදීම විසදුම් සැපයීම නිසා අද වන විට විශාල පරාසයක devices සදහා සේවා සැපයීමට අප හට හැකියාව ලැබී තිබෙනවා.”

මීට පෙර නිකුත් වුනු Windows 10 Anniversary Update එක සියලු සංශෝධන සමගින් සම්පූර්ණ කිරීමට තරමක් දිගු කාලයක් ගත වුනා. නමුත් මේ අළුත්ම update එක ඉතා කෙටි කාලයකින් සම්පූර්ණ වූ නිසා Microsoft ආයතනය ඉතා ඉක්මනින් දියුණු වන බව අපිටදකින්න පුළුවන්. ඒ වගේම windows 10 releases කාලයත් සමග තව තවත් ස්ථාවර වන බව එයින් පෙනෙනවා.

මේ update එකත් කලින් updates වගේම windows 10 users ලට free හම්බවෙන්නෙ. ඔයාලට කරන්න තියෙන්නෙ windows update වල check for updates press කරල update එක වන තුරු බලා සිටීම පමනයි. හැබයි මේ update එක install වෙන්න නම් ටිකක් වෙලාව යනව. ඒ නිසා හොදම දේ තමයි ඔයාගෙ device එක පාවිච්චි කරන්නෙ නැති වෙලාවක මේ update එක කරන එක.

මේ වෙනකොට Microsoft ආයතනය එයාලගෙ මීලග ප්‍රධානතම windows 10 version එක වෙන Redstone 4, මේ වසරේ අප්‍රේල් මාසයෙදී එළි දැක්වීම සදහා කටයුතු සූදානම් කරමිනුයි සිටින්නේ. ඒකත් Fall Creators update එක වගේම පිළිවෙතක් අනුගමනය කරාවි. ඒ අනුව යම් ඉලක්ක කරගත් devices කිහිපයකට මේ update එක අත්හදා බැලීමෙන් පසු එහි ඇති වන මූලික ගැටළු විසදා සියළු compatible devices සදහා මුදා හැරෙනු ඇති.

Source: https://www.windowscentral.com/microsoft-says-windows-10-fall-creators-update-has-now-fully-rolled-out

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY