Windows 10 Insider Preview Build 10565 නිකුත් වෙයි

Windows 10 Insider Preview Build 10565 නිකුත් වෙයි

2403
0
SHARE

අද දින ආරම්භයේදිම Windows 10 Insidersලාට සතුටුදායක පුවතක් ඇසීමට ලැබුනා. එනම් Microsoft සමාගම විසින් තම නවතම Windows 10 Insider Preview Build 10565 නිකුත් කිරීමයි. එමගින් Windows 10හි දැනට පවතින දෝෂ රැසක් නිරවද්‍ය කිරීම, නව විශේෂාංග ඇතුලත් කිරීම මෙන්ම දැනට ඇතුලත් දෑ වැඩිදියුණු කිරීම සිදුකර ඇත.

බොහෝ දෙනාගේ සාකච්ඡාවට බඳුන් වන Universal Windows Apps යටතේ Skype මෙහි ඇතුලත් කොට තිබෙනවා. තවද Microsoft Edge browser 1ක තවදුරටත් වැඩිදියුණු කරමින් ‘Tab Preview’ හඳුන්වාදී තිබෙනවා. එමගින් Edge browserයේ tab එකක් මතට mouse pointer එක ගෙන යාමෙන් අදාල webpage එකේ thumbnail preview එකක් බලාගත හැක. එමෙන්ම මෙම නවතම build එකෙන් Cortana වෙත නව customization options ඇතුලත් කර ඇති අතර context menus ද update කොට තිබෙනවා.

පහත දැක්වෙන්නේ පෙර නිකුත් වූ build (build 10656 ) වල අඩංගුව තිබූ, නිවැරදි කරන ලද දෝෂයන් කිහිපයකි.

  • ඔබ විසින්ම ring settings වෙනස් නොකරන තාක් Settings app > Update & Security > Windows Update ආකාරයේ warning messages තවදුරටත් දැකගැනීමට නොලැබේ.
  • Groove වැනි apps minimize කර තිබියදීත් background audio playback ක්‍රියාත්මක වෙයි.
  • Notification area එකේ ඇති Audio, Networking වැනි systems icons, click කර ක්ෂණිකව ක්‍රියාත්මක වීමේදී Windows Shell මගින් block කිරීම නිරවද්‍ය කර තිබෙනවා.
  • Mouse සමග භාවිත කිරීමේදී අපහසු වූ විශාල context menu කුඩා කර තිබෙනවා.
  • People app එකේ ඇති contacts දැන් ඔබට Start menu 1කට ඇතුලත් කල හැක.
  • Taskbar එකට ඇතුලත් කල සමහර apps නැවත නැවත දර්ශනය වීමෙන් වලකී.
  • Desktop එකේ ඇති context menu ආධාරයෙන් desktop icons සැඟවිය හැක.
  • Windows Store apps, automatically update වීම සිදුවේ.

screenshot_(32) screenshot_(15) screenshot_(23) screenshot_(13) screenshot_(12) screenshot_(9)

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY