Windows 10 mobile හි අවසානය මේ දෙසැම්බරයේ..!

Windows 10 mobile හි අවසානය මේ දෙසැම්බරයේ..!

4020
0
SHARE

Windows 10 mobile කියන්නෙ Microsoft සමාගම මගින් 2015 දි mobile devices වලට හඳුන්වා දුන් OS එකක්. නමුත් විවිධ හේතූන් ගණනාවක් නිසා එන්න එන්නම එය අසාර්ථක වීමත් සමඟම ඔවුන් Windows phones වෙළඳපොළට හඳුන්වාදීම ක්‍රමයෙන් අඩු කළා. 2017 දී Microsoft සමාගම ඔවුන් Windows 10 mobile devices සඳහා අලුත් features කිසිවක් එකතු නොකරන බව මුල් වරට අනාවරණය කළා. ඒ වගේම, 2017 ඔක්තෝබර් මාසයේදී නිකුත් කල Windows 10 mobile version 1709 ඔවුන්ගේ අවසාන version එක බවත් එය 2019 දෙසැම්බර් 10 දිනෙන් අවලංගු වන බවටත් මේ සතියේ Microsoft support හි සඳහන් වෙනවා.

මෙම ගැටලුවට Windows 10 පාරිභෝගිකයන් මුහුණ දෙන්න ඕන කොහොමද කියලා දැන් ඔයාලට ප්‍රශ්ණයක් ඇතිවෙන්න පුළුවන්. මේ සඳහා Microsoft ආයතනය පිළිතුරු දෙමින් කියා සිටින්නේ iOS හෝ Android Devices වලට මාරු වෙන්න කියලා. ඒ ගැන ඔවුන්ගේ FAQ වලින් දැනගන්නත් පුළුවන්.
නමුත් ඔවුන් settings සඳහා device backups සහ සමහර apps 2019 දෙසැම්බර් 10න් පසුව තවත් මාස 3ක කාලයක් දක්වා එනම් 2020 මාර්තු 10 දක්වා භාවිතා කළ හැකි වීමට ඉඩ සලස්වා තිබීම windows 10 පාරිභෝගිකයින්ට යම් සහනදායී පණිවිඩයක්. ඒ වගේම existing device backup එකකින් තවත් device එකකට restore කිරීම සහ photo uploads වගේ සේවාවන් windows 10 support නතර කිරීමෙන් පසුව ද තවත් මාස 12ක් ඇතුලත සක්‍රීය කර තිබීම, Microsoft ආයතනය ඔවුන්ගේ windows 10 Mobile පාරිභෝගිකයන් වෙනුවෙන් සැලසූ තවත් සහනයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

Microsoft සමාගම Windows Phone 8.1 සහායත් මීට ප්‍රථමයෙන් ඒ කියන්නේ 2017 ජූලි 11 දින අවසන් කර තිබුන නිසා Windows 10 Mobile අවසන් කිරීම අනපේක්ෂිත දෙයක් නම් නෙවෙයි. මොකද Microsoft සමාගම මේ වන විට ඔවුන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු කර තියෙන්නේ iOS සහ Android Devices වලට apps සහ services නිර්මාණය කිරීම කෙරෙහියි.

 

Source: https://www.theverge.com/2019/1/18/18188054/microsoft-windows-phone-windows-10-mobile-end-of-support-updates

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY