Windows 10 Mobile සැප්තැම්බරයේ නිකුත්වේ

Windows 10 Mobile සැප්තැම්බරයේ නිකුත්වේ

2431
1
SHARE

Windows 10 ජුලි 29 වනදා නිකුත් වන බව දැනටමත් ඔබ දන්නවා ඇත. නමුත් සියලුම Windows 10 Versions  එදිනට නිකුත් නොවනු ඇත. එනම් ජුලි 29 එලිදකින Windows 10 OS එක මුලින්ම එන්නේ සියලු PC හා Tablet සඳහාය. Smartphone සඳහා Windows 10 ලැබීමට තව මාස කීපයක් බලා සිටීමට සිදුවේ.
Smart Phones සඳහා වන OS එක හදුන්වන්නේ Windows 10 Mobile ලෙසයි. ආරංචිමාර්ග සඳහන් කරන්නේ  Windows 10 Mobile සැප්තැම්බර්යේ නිකුත් කිරීමට කටයුතු කරන බවයි. එනම් ඊලග කාර්තුවෙන් පසුවයි(quarter Q3) .
තවද Windows 10 Mobile සමඟ පැමිණෙන Smart Phonesද සැප්තැම්බර් මස තෙක් නිකුත් නොවනු ඇත. ඇතැම් කට කතාවන් අනුව Windows 10 Mobile සමඟ පැමිණෙන පළමු Smarphone එක වනුයේ  Lumia 940 XL ය. කෙසේ වෙතත් Windows 10 Mobile නිල වශයෙන් නිකුත් වන තුරු ඔබට Windows 10 Preview එක භාවිත කළ හැකිය.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY