Microsoft සමාගම විසින් අදදින නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 10 Download කිරීම් මිලියන 75ක් ඉක්මවූබවයි. ඒ අනුව Windows 10 භාවිතා කරන්නනගේ සංඛ්‍යාව තත්පරයට 1500ක ප්‍රමාණයකින් ඉහල යයි. Windows 10 නිකුත් කර ගතවූ ඉතා කෙටිකාලය තුල එනම් මසකටත් අඩු කාලයක් තුල මෙය ඉතාමත් ඉහල අගයක පවතී. මෙයට ප්‍රධාන වශයෙන් උපකාරවී ඇත්තේ සමාගම විසින් Windows 10 Free ලබාදීම සඳහා දියත් කල උපක්‍රමය බව මනාව පැහැදිලිවේ. තවද Microsoft සමාගම පවසන අන්දමට ඉදිරි වසර 3න තුල Windows 10 භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන 10 ක් දක්වා අපේක්ෂාකරන බවත් දැනටමත් එයින් 10 % ක් දක්වා වර්ධනයක් පෙන්නුම් කරන බවත් තවදුරටත් පවසයි.
Windows හා Devices අංශයේ ප්‍රධානියා විසින් මේ පිළිබඳව නිකුත් කර ඇති Twitter පනිවිඩය.
1. #Windows10: More than 75 million devices running Windows 10 – and growing every day. 1/10 pic.twitter.com/g0kqGizU0c
— Yusuf Mehdi (@yusuf_i_mehdi) August 26, 2015