Windows 10 වලට Whatsapp අළුත් වෙයි

Windows 10 වලට Whatsapp අළුත් වෙයි

2136
0
SHARE

ඔබ දන්නවා whatsapp මේ කාලය වෙනකොට අපේ ජිවිත එක්ක කොච්චර දුරට බද්ධ වෙලා තියෙනවද කියන කරුණ. ඇසට ගැලපෙන වර්ණ, පාරිභෝගිකයන්ට භාවිත කිරීමේ ඇති පහසුව, ඉතා ඉක්මනින් දත්ත යැවීමේ පහසුව වගේ කරුණු එක්ක whatsapp බාල මහළු භේදයකින් තොරව සියලු දෙනාම භාවිතය සඳහා විවෘත වෙලා තිබෙනවා. මම කතා කරන්න ආවේ whatsapp ගැන නෙමෙයි. Whatsapp for windows phone කියන්නේ Windows 10 දුරකතනයේ තිබෙන applications අතරින් වැඩියෙන්ම ක්‍රියාකාරී applications වලින් එකක් කියන්න පුළුවන්. නමුත් මේ application එක නිර්මාණය වෙලා තිබෙන්නේ Silverlight පාවිච්චි කරලා. මේ නිසා Windows 10 වලට අදාලව එන platforms වලට මේ application එක පාවිච්චි කරන්න බැහැ. ඔබට මේක සියලුම platforms වල වැඩ කරන්න හදන්න ඕනෙනම් ඔබ නිර්මාණය කරන්න ඕනෙනම් Universal Windows Platform app එකක් විදිහට මේක නිර්මාණය වෙන්නට අවශ්‍යයි.

මොකක්ද මේ silverlight කියන්නේ? silverlight කියන්නේ application framework එකක්. මේකත් හරියට හරියට adobe flash වගේ. 2007දී නිකුත් වුනු silverlight මුලින්ම පාවිච්චි කලේ NBC වල 2008 Summer Olympic සඳහා. ඒ වගේම Netflix හා Amazon Video විසින් මේ සේවාව භාවිත කරනු ලැබුවා instant video streaming සඳහා. නමුත් කාලයාගේ ඇවෑමෙන් Microsoft විසින් silverlight නවත්වා දමනු ලැබුවා.

ඔබ දකින්නට ඇති Windows කට්ටියගේ අලුත්ම Andromeda OS එක ගැන ලියන ලද ලිපිය.  මේ andromeda os එකේ විශේෂත්වය වෙන්නේ එකේ run වෙන Windows 10 version එක කිසිම විදිහකින් Silverlight වලින් වැඩ කරන්නේ නැහැ. සිතන්න ඉදිරි කාලයේදී මේ Andromeda OS එක ලෝකයේ trend එකක් බවට පත් වුනොත් අපිට මේ whatsapp පවා භාවිතා කල නොහැකි තත්වයට පත් වෙනවා. මේ නිසාමයි Microsoft නැවත වරක් වැඩ පටන් ගත්තේ මේ Silverlight app එක UWP බවට හරවන්න.

මේ project එකේ විස්තරයට අනුව Microsoft හා Whatsapp කණ්ඩායම් දෙකම එකට එකතු වෙලා මේ වැඩේ කරගෙන යනවා. ඒ වගේම මේක app එක සම්බන්ධව කෙසේ වෙතත් මේ වගේ අදහසක් කණ්ඩායම් දෙකේම ඔලුවේ තිබෙනවා කියන කරුණ පැහැදිලියි. ඒ වගේම තවත් කරුණක් ගැන කියනවනම් whatsapp UWP app එක, windows phone app හා windows 10 desktop app යන applications දෙකේම combination එකක්. UWP application එකක් සාමාන්‍යයෙන් තමන්ගේ පාරිභෝගිකයන්ට විවිධ විවිධ platform වල ඉඳල වැඩ කරන්න හැකියාව ලබා දෙනවා.එක iOS ද එහෙමත් නැත්නම් androidද කියන දේ ප්‍රශ්නයක්  නෙමෙයි.

මේ ගැන අලුත් ප්‍රවෘත්තියක් ලැබුන ගමන් නැවත මේ ගැන ලිපියක් ලියන්නම්.

නැවත හමුවෙමු…

Source: https://www.windowscentral.com/microsoft-may-be-working-whatsapp-bring-its-silverlight-app-uwp

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY