Windows 10 නවතම build 10163 හි Screenshots

Windows 10 නවතම build 10163 හි Screenshots[Gallery]

2386
1
SHARE

පසුගියදා Windows 10 Preview සඳහා වූ අලුත්ම Build එක වන Build 10163 එක සමාගම විසින් insiders ලාසඳහා නිකුත්කලා. ඊට අමතරව අද දින තවත් අලුත් Build එකක් release වුනා ඒ Build 10163. ඔබ දැනටමත් Windows Insider කෙනෙක් නම් ඔබ මේ පිලිබඳව කුතුහලයකට පත්වනු නොඅනුමානයි.

අපි මුලින්ම බලමු මොනවද Build 10163 එකේ තියන අලුත් වෙනස්කම් කියලා. මේ Build එක ගැන කතා කරනවානම් මෙහි සුලු වෙනස්කම් කීපයක්ම දක්නට ලැබෙනවා. ඒ අතර Microsoft Edge browser එක සඳහා වන Dark Theme එක තවද Cortana අතුරු මුහුනතේ (UI) සුලු වෙනස්කම්ද, Office 365 සඳහා වන digital assistantද, Photo එකේ සුලුවෙනස්කම්ද  දක්නට ලැබෙනු ඇති.
තවද Continuum එකේ තිබූ විවිධ දෝෂද, Tablet mode එකට මාරුවිමේදී තිබූ Animations වල දොස්ද නිවැරදි කර ඇත.
මීට අමතරව අලුතින් එක්වූ අංගයක් ලෙස අලුත් gesture එකක් හදුන්වා දී තිබෙනවා ඒ ඔබ මෙනුවේ වම් පස කෙරවලකට mouse pointer එක තබා drag කරමින් උඩට අදිනවිට සියලු apps (all apps) බලාගැනීමට ඇති gesture එකයි.
 අද දින නිකුත්වූ Build 10159 එක ලැබෙනුයේ Fast Ring එකේ සිටින – insiders සඳහා පමණි. මෙහි දක්නට ලැබෙන අංග අතර Windows 10 Hero Wallpaper එක හා Login Screen background එක විශේෂයෙන් කැපීපෙනෙනු ඇත. තවද සමාගම පවසන අන්දමට මෙය ප්‍රධාන වශයෙන් නිකුත් කල්‍රේ මෙහෙයුම් පද්ධතියේ ඇති දෝෂකීපයක් නිවැරදිකීමට බවයි. මෙහිදී දෝෂ (bugs) 300කට ආසන්න ප්‍රමාණයක් නිරාකරණයකර ඇති අතර දැනට මාගේ පෞද්ගලික මතයට අනුව ඊයේදින් නිකුත්වූ Build 101059 එකට වඩා ඉතා කාර්යක්ෂමව (hig performance) Windows 10 භාවිත කල හැකිබව කිවයුතුය.

[LBS id=1141]

Comments

comments

1 COMMENT

LEAVE A REPLY