Windows 3.0 නිකුත් කර වසර 25 ක් සපිරේ.

Windows 3.0 නිකුත් කර වසර 25 ක් සපිරේ.

2189
0
SHARE

1990 වසරේ මැයි 22 හදුන්වා දුන් 256 Full colors සදහා සහාය දුන් ප්‍රථම Windows මෙහෙයුම් පද්ධතිය වන Windows 3.0 ට ඊයේ දිනයට වසර 25ක් සපිරුණා. පාරිභෝගිකයන් අතර මෙම මෙහෙයුම් පද්ධතිය වඩාත් ප්‍රචලිත වුයේ එවකට පුද්ගලික පරිගණක වල pre-install කර වෙළද පොලට නිකුත් කල ප්‍රථම මෙහෙයුම් පද්ධතිය වීමයි.එය ආරම්භ වී ඇත්තේ Zenith පරිගණක වෙළද පොලට පැමිණීමත් සමගයි. මෙම මෙහෙයුම් පද්ධතිය විශාල පරාසයක Memories සදහා සහයෝගය දක්වා තිබෙනවා.එනම් 286-based නොවන processors සදහා වූ 16-bit සිට 386-based processors සදහා වූ 32-bit දක්වායි. මෙය නිර්මාණය වූ ප්‍රථම තාත්වික Windows මෙහෙයුම් පද්ධතියයි. එමගින් Dos හි ක්‍රියාකාරිත්වයට වඩාත් ඉදිරියට ගෙන ගොස් තිබෙනවා.

Microsoft සමාගමට Windows 3.0 හි නිකුත් කිරීම ආකාර කීපයකට වැදගත් වුවා. විශේෂයෙන්ම Apple Macintosh හි තිබු ලක්ෂණ මෙහි අඩංගු වීම පෙන්වා දිය හැකිය. ඒ අතර පැහැදිලි Control පැනලය සහ වඩාත් sensible windowing system එක කැපී පෙනෙනවා. තවද පෙර සදහන් කල පරිදි floppies තුල දමා පරිශීලකයාට install කරගැනීමට ලබා දෙනවා වෙනුවට PC සමග pre install කර වෙළදපොලට නිකුත් කිරීම වැදගත් වුවා.

Windows 3.0 මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමට පහත අවශ්‍යතා සම්පූර්ණ විය යුතුව තිබුනා.

8086/8088 processor හෝ ඊට වඩා වැඩි
384 KB ක free conventional මතකයක් (real mode), 1 MB (Standard Mode), හෝ 2 MB (Enhanced Mode)
6-7 MB හිස් අවකාශයක් සමගින් Hard Disk එකක්
CGA/EGA/VGA/Hercules/8514/A/XGA graphics සහ සුදුසු අනුකූල වන monitor එකක්.
MS-DOS version 3.1 හෝ ඊට වඩා වැඩි

Windows 3.0 මෙහෙයුම් පද්ධතිය, පරිගණක කර්මාන්තයේ දිශානතිය වෙනස් කිරීමට සමත් වුවා. අද අප අත්විදින තාක්ෂණයන්ගේ සමාරම්භය සනිටුහන් වන්නේ මෙම මෙහෙයුම් පද්ධතිය සමගයි.

මුලාශ්‍රය

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY