Windows 10 සදහා Windows Anniversary Update නොමිලේ

Windows 10 සදහා Windows Anniversary Update නොමිලේ

2199
0
SHARE

“Redstone 1” වින්ඩෝස් 10 සඳහා Microsoft සමාගමේ Update සදහා වන නිල නාමය බව බොහෝ දෙනා දන්නා කරුණක්. පසු ගියදා පැවති Build 2016 සම්මන්ත්‍රණයේදී ඔවුන් නිවේදනය කරේ Windows Anniversary Update හෙවත් Windows සංවත්සර Update එක windows 10 උපාංග මත ගොඩ නගන බවයි.මෙහි විශේෂත්වය වන්නේ එය Windows 10 භාවිතා කරන්නන් සඳහා මෙය සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබා ගැනීමට හැකි වීමයි.

Microsoft සමාගමේ Terry Myerson, Windows 10 වෙත සියලු දෙනා පිළිගනිමින් ඔහු පැවසුවේ “ඔබට තිබෙන්නේ අලුත්ම පරිගණකයක්ද, වසර පහක් පැරණි පරිගණකයක්ද එසේත් නැතිනම් Mac පරිගණකයක්ද යන්න windows 10 භාවිතා කිරීමේදී වැදගත් නොවන බවයි”.

මෙහිදී සඳහන් කර තවත් වැදගත් දෙයක් වන්නේ Windows 10 වන සංවත්සර Updates, Xbox One සහ HoloLens සඳහාද ලබා දෙන බවයි. එනම් ඔබට අවසානයේ UWP(Universal Windows Platform) applications ඔබේ Console එක මත ක්රියාත්මක කිරීමට, මෙන්ම testbed ලෙස භාවිතා හැකි වනු ඇත බවයි.

Microsoft සමාගමේ Bryan Roper ප්‍රකාශ කර පරිදි මීළගට එළිදැක්වීමට තිබෙන Windows 10 සංස්කරණයේදී windows Ink භාවිත කරන්නන් හට දැනටත් වඩා පහසුවෙන් එය භාවිතා කිරිම සදහා අවස්ථාව සැලසෙනවා.  

cezstxjwiaad1at_story

උදාහරණයක් ලෙස දවසේ සඳහා සටහනක් ඔබ ලිවීමට පෑනක් භාවිතා කරන්නේ විට, Cortana ඔබ ලියන ලෙස වැදගත් තොරතුරු  එක්කාසු කරනු ඇත. මෙහිදී ඩිජිටල් පාලකයා ලෙස cortana විසින් reminders, appointments වැනි ක්රියාවන් ස්වයංක්රීය කර ඔබට උපකාරී වනු ඇත. මෙහි සුවිශේෂී කරුණක් වනුයේ windows 10 Unlock කරගැනීමටත් පෙර සිටම ඔබට windows Ink වෙත ප්රවේශ වීමට හැකි වීමයි. තවද Windows Ink work-space එක UWP(Universal Windows Platform) මත නිර්මාණය වී ඇති නිසා එය Windows සංවත්සර යාවත්කාලීනය හරහා තවත් ප්‍රබල වනු ඇත. 🙂

අවසානයේ Terry Myerson පොරොන්දු වූ පරිදි “වසර 30 කට අධික කාලයක් සිටම විවෘත මෘදුකාංග හා දෘඪාංග ecosystem එක Windows විසින් පිළිගෙන තිබේ. කිසිවක් සමග Universal Windows Platform වෙනස් වුවේ නැත.”

උපුටාගැනීම  Neowin.net

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY