Windows Update for Business – ව්‍යාපාර සඳහා

Windows Update for Business – ව්‍යාපාර සඳහා

2010
0
SHARE

පරිගණකය සමඟ දවස ගෙවන ඔබට මෙය නම් සුවදායි ආරංචියක් වන බව නොඅනුමානයි. Microsoft සමාගම විසින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිටින ඔබට ලබාදෙන අලුත්ම මෙවලම එහෙමත් නැත්තම් Feature එක වන්නේ Windows Update for Business. එහි ප්‍රධාන කාර්ය භාර්ය වන්නේ පවතින නවතම තත්ත්වයන්ට අනුව (up to date ) ඔබගේ පරිඝනකයේ හා එහි ආරක්ෂක පද්ධතිය අපහසුවකින් තොරව යාවත්කාලීන (update) වීමයි.

පොඩි බරපතල කමක් බැලූ බැල්මට පෙනුනට Windows Update for Business කියන්නේ සියලූම Windows Pro and Windows Enterprise උපකරණ හා මෙවලම් සඳහා තනිකරම නොමිලේ ලබාදෙන සේවාවක්. ඔන්න දැන් පොඩි හිනාවක් ගියානේද.

හොඳයි , අපි බලමු එහෙනම් අද තියෙන Smart phone සහ අන්තර්ජාල සමඟ දෝලනය වන උපාංග අතරේ Windows Update for Business කියන feature එක මොනවගේ කාර්යභාර්යයක්ද කරන්නේ කියලා.

ආ..හ් ! , තව දෙයක් කියන්න ඕන මේක මේ අද ඊයේ පටන් ගත්ත එකක් නෙවේ. Windows 10 for business ආරම්භයත් එක්ක Windows 10 for business පද්ධතියේ විවිධ ක්‍රියාකරකම් ඒ කිව්වේ security, deployment,manageability වගේ features ක්‍රමක්‍රමයේන් වැඩි දියුණු කරලා මේ ක්ෂේත්‍රයේ ඉන්න විද්වතුන් එකතුවෙලා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ඇගයීමක් කරලා එම නිර්දේශ මත ලොව වටා සිටින Windows පරිගණක වෙත ලබාදුන්නු තෑග්ගක්.

Windows 10 භාවිතා කරපු ඔබට දැන් හැසිරවීමෙහි වඩාත් පහසු Start menu එක, new Action Center එක , Continuum එක , Windows Hello වගේම Cortana ලෙසින් හඳුන්වාදුන් අලුත් යෙදවුම් වල සේවය ලබාගන්නත් පුළුවන්. Cortana එකෙන් පුළුවන් සාමන්‍ය විදියට ප්‍රශ්න අහලා ඒවට උත්තර හොයාගන්න. හරියට නිකන් ඔක්කොම දන්න යාළුවෙක් ලඟ ඉන්නවා වගේ (Power BI) තවදුරටත් ඒ ගැන උනන්දු නම්, විස්තර දනගන්න ඕනෙනම් Joe Belfiore කියන හාදයා හදපු demo එක බලන්නකෝ (මෙතනින්).

අපි ටිකක් මෙකේ ආරක්ෂක පද්ධතිය එහෙමත් නැත්තම් Security System එක ගැන ටිකක විස්තර හොයලා බලමු.

මෙහිදී මූලික වශයෙන් අවධානය යොමුවී තිබෙන්නේ සිදුවිය හැකි සියළු අවකාශයන් ආවරණය වන පරිදි ආරක්ෂක පද්ධතිය සකස් කිරීමයි.

  1. Device protection– මෙහිදී සිදුවන්නේ පරිගණකය පණගැන්වුමත් සමඟම එහි ක්‍රියාකාරීත්වයට හානියක් නොවන විශ්වසනීය Software පමණක් run වීමයි.එය Secure Boot ලෙස හන්ඳුන්වනවා. ඒ සමඟම Windows 10 හි ඇති අලුතෙන් හඳුන්වා දුන් Device Guard feature එක මඟින් අදාළ application පැමිණි මූලාශ්‍රය පිළිබඳ පිරික්සීමක් සිඳුකරනවා. මෙම ක්‍රියාවලිය Windows Store for Business සහසම්බඳව වන සිදුවීමක්. මෙමඟින් විශ්වසනීයත්වයෙන් අඩු පරිගණකයට හානියක් සිදුවිය හැකි අවස්ථාවන් වළක්වනු ලබනවා.තවද hardware-based Hyper-V පද්ධතිය මඟින් software සම්බන්ධ ගැටළුකාරී තත්ත්වයන්ට එරෙහි ක්‍රියාකාරීත්වයේ තවත් තීව්‍ර කරනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ පරිඝණක ක්‍රියාකරුට සහ / එහෙමත් නැත්තම් ඔබේ ආයතනය Windows 10 පද්ධතිය මඟින් වඩාත් සුවදායි ආරක්ෂිත නවතම මුහුණුවරින් යාවත්කාලීන වූ පරිගණකයක් ඔබේ අවශ්‍යතාවයට සැමවිටම සූදානම් වී සිටීමයි.
  2. Identity protection– මෙහිදී සිදුවන්නේ ඔබට හිසරදයක්ව පැවති password එක වෙනුවට වඩාත් පහසු ක්‍රමයක් හඳුන්වාදීමයි. මෙය Windows 10’s Microsoft Passport ලෙස හඳුන්වා දී තිබෙනවා.hardware-based Hyper-V මෙහි ක්‍රියාකාරීත්වය තීව්‍ර කිරීමට දායක වෙනවා.සාමන්‍යයෙන් Hack කිරීම සිදුවන්නේ පරිගණකයේ හෝ sever එකෙහි password එක save කිරීම නිසා. “pass the hash” ලෙස හඳුන්වාදෙන නව උපාය මඟින් Hack කිරීම ගැන ඔබට තවදුරටත් බිය විය යුතු නැහැ. ඒ විතරක් නෙවේ Windows Hello ඔස්සේ වඩාත් පහසු XX biometrick තාක්ෂණික උපක්‍රම ඔස්සේ ඔබව වඩාත් පහසුවෙන් පරිඝණකය හඳුනාගන්නා අතර ඔබේ අණට පමණක් කීකරු වේවි.
  3. Application protection-මෙහිදී සිදුවන්නේ Windows Store for Business මගින් භාවිතයට සුදුසු application තෝරා අවශ්‍යතා සපුරන ලද application පමණක් පාරිභෝගිකයා අතට පත්කිරීමයි. ඒ වගේම පුද්ගලික පරිගණකයේ ඇති ආරක්ෂක පද්ධතිය මගින් සහතික කරන ලද application පමණක් ධාවනය සඳහා අවසරය ලබාදෙනවා.
  4. Information protection – Windows 10’s Enterprise Data Protection යාන්ත්‍රණය මගින් ඔබේ තොරතුරු ආරක්ෂා කරනවා.apps, data, email, website තොරතුරු වගේම අනෙකුත් සංවේදී තොරතුරු encrypt කිරීම මගින් (සංකේත වලට හරවා සඟවා තබාගැනීම ) ඔබට ඔබේ පුද්ගලික තොරතුරු පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැහැ.

මේ සියලූ ආරක්ෂක පදධති ක්‍රියාදාමයන් ඔස්සේ ඔබගේ ව්‍යාපාර සහ අනෙකුත් කටයුතු කාර්යක්ෂම යාවත්කාලීන ක්‍රමවේදය මගින් වඩා ආරක්ෂිත වනු ඇත.මෙම හන්දුන්වාදීම ඔස්සේ Microsoft ආයතනය පවසන්නේ තම පාරිභෝගිකයාගේ තොරතුරු පද්ධති වල ආරක්ෂාව පිළිබඳ වගකීම තමා භාරගන්නා බවයි. ඒ වගේම එහි නඩත්තු කටයුතු, යාවත්කාලීන ක්‍රියාකාරකම් පමණක් නොව පාරිභෝගිකයාගේ තාක්ෂණික උපාංග සහ ඇති විය හැකි ගැටළු වලදී; වඩාත් සමීපව පාරිභෝගිකයා සමඟ එක්ව එම ගැටළු නිරාකරණය සඳහා අවශ්‍ය කටයුතු හා උපදෙස් ලබාදෙන බවයි.ඒ අනුව ඔබටත් දැන් ඉහත සේවාවන් සමඟින් නව මුහුණුවරක අත්දැකීම Windows 10 devices හෝ Windows phone එකකින් ලබගන්නට පුළුවන්.

එහි ප්‍රකාශකයෙකුට අනුව; පාරිභෝගිකයා පිළිබඳ සැළකිල්ල සහ කැපකිරීම අතින් ඔවුන් වඩාත් ඉදිරියෙන් සිටින බවයි. එයට උදාහරණයක් ලෙස දක්වන්නේ Android Device එකක් ගතහොත් Google ආයතනය පාරිභෝගිකයා (device එක) update කිරීමේ වගකීම භාර නොගන්නා බවත් තම ව්‍යපාරික කටයුතු වල දියුණුවත් සමඟ සසඳා බැලීමේදී පාරිභොඅගිකයා නොසළකා හැර ඇති බවත්ය.

දැනට මෙම යාවත්කාලීන ක්‍රියාවලිය සිදුවන්නේ මෙහෙමයි (Today’s Updating Process )

මේ වන විට Windows ආයතනය update කිරීමේ ක්‍රියාවලිය නොමිලේ සිදුකරනු ලබනවා.මේ වන විට මිලියන 850 කට වැඩි Windows උපාංග ප්‍රමාණයක් නවතම ආරක්ෂිත පද්ධතියේන් සහ උසස් ගුණාංවලින් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය සිදුවනවා (Update). Windows 10සඳහාත් මෙම යාවත්කාලීන ක්‍රියාවලිය නොනැවතීම සිදුවන බවයි ඔවුන් පවසන්නේ.

ඔවුන්ගේ සියලූම පාරිභෝගිකයන් සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස සැකසුනු Update පැකේජයන් හඳුන්වාදී තිබෙනවා. එහිදී කුමන device එකද, අවශ්‍ය කුමන තත්වයද සහ update කිරීම සඳහා අවශ්‍ය කාලසීමාව කුමක්ද යන්න තෝරගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඒවගේම මෙම Windows Update කිරීමේ ක්‍රියාවලිය කෙතරම් නම්‍යශීලීද කියනවනම් ඔබට අවශ්‍ය පරිදි operating system එකේහි හෝ අදාළ Application එකෙහි තෝරාගත් පරාසයන් update කිරීමේ හැකියාවත් පවතිනවා.උදහරණයක් ලෙස mainframes –paramount, with a guiding philosophy of “if it isn’t broken, don’t fix it.” ඔස්සේ මගපෙන්වීමේ ක්‍රියාවලිය වඩාත් පහසු යාවත්කාලීන/update පරිසරයක් භාවිතා කරන්නා වෙත ලබාදෙනවා. අද වනවිටත් මෙම ක්‍රමවේදය ලොවපුරා ඇති අති සුවිශේෂ Widows ව්‍යාපෘති වල භාවිතා වෙනවා.Windows 10 සඳහා ඔවුන් වඩාත් දියුණු කරන ලද වඩාත් පහසුවෙන් ක්‍රියාකරණ “Long Term Servicing Branches” වූ security updates එක ලබා දී තිබෙනවා, එහි functional updates අන්තර්ගත වන්නේ නැහැ.

කොහොම වුනත්, මෙම නව මුහුණුවර එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව, එහෙම නැත්නම් මේ වැඩේ බැරෑරුම්කම ඔවුන් තේරුම් අරන් තියෙනවා. ඒක නම් සහතික අත්ත, දැනට Windows මෙහෙයුම් පද්ධතිය භාවිත කරන ලක්ෂ සංඛ්‍යාත පිරිස කොහොමටවත් එක්වරම මේ වෙනස වැළඳගන්නට සූදානම් වෙන එකක් නහැ. ඉතින් ඒ නිසාම තමයි ඔවුන් මිල අධික වූත් Developpers ලාට වෙහෙසකර කටයුත්තක් වූත් ක්‍රමක්‍රමයෙන් මෙම නව මුහුණුවරට අනුගත කිරීමේ මෙහෙයුමට අත ගහලා තියෙන්නේ. මෙමගින් ඇතිවන ගැටළු පියවරෙන් පියවරට විසඳීමත් මෙම වෙනසට පරිගණක භාවිතා කරන්නන් හෙමින් සැරේ සීරු මාරුවකට ලක් කරන්නටත් හැකිවෙතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. කොහොමවුනත් ඔවුන්ගේ අවසාන බලාපොරොත්තුව වන්නේ Windows 10 ඇතුලුව ඔවුන්ගේ සියලූ Windows භවිතා කරන්නන් හට වඩාත් පහසු අලුත් අත්දැකීමක් ලබාදීම.

ව්‍යාපාර කටයුතු සඳහා යාවත්කාලීන ක්‍රියාවලිය (Introducing Windows Update for Business )

Windows 10 සඳහා ඔවුන් මේ පැකේජය (Windows Update for Business) ලබාදෙන්නේ වඩාත් සතුටකින්. ඒකෙ පුංචි පහේ ආඩම්බරයකුත් නැතුවාම නෙවේ. ඔවුන් පවසන පරිදි ලොව පුරා සිටින් Windows developpersලා රැසකගේ සහභාගීත්වය සහ දැණුම මේ සඳහා යොදාගෙන තිබෙනවා. මෙම ව්‍යාපාර කටයුතු සඳහාම සැකසුනු විශේෂ පැකේජය මගින් ඔබට,

  • Distribution rings-owun -ඔවුන් කියන පරිදි මෙහිඇති IT-Pro මගින් ඔබගේ පරිඝණක ජාලය තුල කුමන පිලිවෙළට යාවත්කාලීන ක්‍රියාවලිය එහෙම නැත්තම් Update වෙන පිළිවෙල තීරණය කරන්නට පුළුවන්.
  • Maintenance windows- එවගේම IT-Pro මගින් කුමන කාල චක්‍රයකට අනුව update කරනවද යන්න ඔබටම තීරණය කරන්න පුළුවන්.
  • Peer to peer delivery- ඒවගේම වඩාත් දුරින් පිහිටි Office එකක update කරන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදුකරන්න පුළුවන්.
  • Integration with your existing tools – System Center and the Enterprise Mobility Suite වැනි උපාංග මගින් ඔබගේ දැනට පවතින කළමණාකරණ පදධතිය වඩාත් පහසුවෙන් ඒකාකාරව හසුරුවා ගන්නත් පුළුවන්. එසේම වඩාත් පහසුවෙන් update කිරීමේ හැකියාව, සහ කාර්යක්ෂම ආරක්ෂිත ව්‍යුහය නිසා වියදම් අඩුකිරීමකුත් සිදුවෙනවා. තවත් සිත සනසන පුවතක් වන්නේ Windows Pro and Windows Enterprise devices/ අයතනික පරිගණක සඳහා මෙම පැකේජය නොමිලේම ලබාගන්න පුළුවන් වීමයි. එයත් ඔවුන්ගේ විශේෂ සේවාවක් ලෙස ඔවුන් දක්වනවා, ඒ කියන්නේ update කිරිමේ පාලනය පාරිභොඅගිකයා අතට ලබාදෙමින් ඔවුන් එහි නඩත්තු කටයුතු භාර ගැනීම. ඔබත් මේ සඳහා උනන්දුවක් දක්වනවානම් Windows 10 Insider Program Link එක හරහා මේ දැන්ම සම්බන්ද වෙන්න.

එහෙත් ඔබ දැනට Windows 10 සමඟ කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ උපදේශය වන්නේ ඔබගේ Windows මෙහෙයුම් පද්ධතිය කොටස් වශයෙන් වෙන්වෙන්ව හඳුනාගේන වඩාත් සුදුසු තෝරාගැනීමක් ඔස්සේ ඔබගේ Windows එක update කරගැනිම සුදුසු බවයි. එමගින් ඔබගේ කැමැත්ත පරිදි අලුත් කරගත්ත ඔබගේ නියමු පරිගණකය එහෙමත් නැත්තම් Pilot end-user devices එකට අනුව ඔබගේ ව්‍යාපාරයට වඩාත් සුදුසු විසඳුම සකසා දෙන්නට ඔවුන් සූදානම්.
මැයි 4, 2015 – Terry Myerson විසින් රචිත බ්ලොග් වාර්ථාවක් ඇසුරිනි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY