අලුත් Xbox One 1TB Console එක ඇවිල්ලා 500GB Console එක ලාබෙට

අලුත් Xbox One 1TB Console එක ඇවිල්ලා 500GB Console එක ලාබෙට

2851
0
SHARE

ඔන්න Xbox අලුත් පිටුවක් පෙරලළා, game පිස්සන්ට පිස්සු වැඩිවෙයිද මන්ද මේක අහල; කොහොම වුනත් කමක් නෑ..අපි මේ GAME ගැනයි,  Game ගහන අයටයි නොගහන අයටයි හැමෝටම දැනගන්න මේ අලුත් Game item එක ගැන ටිකක් හොයල බලමු.

Xbox කියන්නේ ගේම් පිස්සන් වෙනුවෙනුවෙන්ම හදපු Unit එකක්. මුල්ම Xbox එක වෙළඳපොළට නිකුත් කිරීමෙන් පසු නිර්මාණකරුවන් වෙත ලැබුනු ඉල්ලීම වූයේ එහි Storage Capacity එක වැඩිකරන ලෙසයි.ඉතින් ඒ ඉල්ලීමත් සපුරාලමින් නව Xbox One 1TB Console එක ඔන්න වෙළඳපොළට නිකුත් කරලා.ඒ අනුව Halo 5: Guardians, Rise of the Tomb Raider, and Forza Motorsport 6  වගේ ලොකුම ලොකු නවීන මෙවලම් වලින් සමන්විතව, සන්නද්ධව Game World එකට පහසුවෙන් පිවිසෙන්න පුළුවන්. ඔන්න ඉතින් ඒකත් මදි වගේ හිතෙනවනම් USB එකක් ගහගන්නත් පුළුවන්.

 

ආ.. ඒ විතරක් නෙවේ wireless  controller ekayi 3.5mm stereo head set එකයි තියෙන නිසා ඔයාට Game ලෝකේ ඇතුලටම යන්න පුළුවන්. තවත් සුභ ආරන්චියක් තියෙනවා මේ අලුත් අමුත්තා නිස 500TB console යාළුවගේ ගානත් අඩුවෙලා විශාල ප්‍රමණයකින්.

දැන් අපි New Xbox one wireless controller එක පිළිබඳව ටිකක් වැඩිදුරට ටිකක් හොයලා බලමු. කලින් කිව වගේ 3.5mm head set jack එකෙන් ඕනම head set එකක් භාවිතා කරන්න පුළුවන්. කොහොම වුනත් ඔබට ලැබෙන head set එක එසේ මෙසේ එකක් නෙවේ. Volume control එක වගේම mute control එකත් හේඩ් සෙට් එකේම තියෙන නිසා සැප කනේ හරියටම කිව්වොත්. ඒ වගේම ‍adjust headset volume, mic monitoring, and voice and game audio balance  වගේ option, settings menu එකෙන් පහසුවෙන් පාලනය කරන්න පුළුවන්.ඒ වගේම head set volume එක වැඩි කරන්න එකත් game කාරයින්ගේ ඉල්ලිමක් කියලයි එයාල කියන්නේ, ඉතින් එයාල volume විතරක් නෙවේ Quality එක වැඩි කරන්නත් අමතක කරලා නෑ.ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ මේ ඔක්කොමත් එක්ක Stereo head set එකත් ආවම කොහොමද කියලා..සැප කනේම තමයි. ඒ විතරද, නෑ..Performance වැඩිකරල තවත් fine-tune කරන ලද bumpers, USB ගහගෙන දඟලන්නේ නැතිව wireless option එක්ක එන firmware update option එකත් අලුත් එකක්.මේ අලුත් අමුත්තාව වඩාත් නවීන පෙනුමකින් යුත් ආකර්ෂණීය black හෝ silver color එකෙන් තෝරගන්න පුලුවන්.

XbxOne_WirelessController_CovertForces_620

ඉතින් දැන් තෙරෙනවනේ කවුද මේ Xbox දඟයා කියලා. මේක  game පිස්සන්ට හොඳ ආරන්චියක් වගේම Game හදන අයටත් අලුතෙන් තවත් game options පුළුල් කරන්න අවස්ථාවක් හදල දීලා තියෙනවා.. එසේ මෙසේ කෙසේ වෙතත් game විතරක් නෙවේ අනිත් වැඩත් අතපසු නොවෙන විදියට විනෝදාස්වාදය ලබාගන්න හිතට ගන්න ඕන.

Major Nelson විසින් රචිත බ්ලොග් වාර්තාවක් ඇසුරිනි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY