අලුත්ම Microsoft holographic headset එක

අලුත්ම Microsoft holographic headset එක

13079
1
SHARE

මේක නම් සුපිරිම වැඩක්, අවුරුදු ගානකින් අනාගතයට ගියා වගේ. job එකක් විදියට හරි විනෝදාංශයක් විදියට හරි graphic වැඩ කරනවනම් මේක ඔයාට අහන්න ලැබුන හොඳම news එක වෙන්නත් පුළුවන්.ඇත්තටම මේක නම් අලුත්ම අත්දැකීමක්.

Holographic headset .බොහෝම සරළව කිව්වොත් මේක sun glass දෙකකට සමානයි. හැබැයි අර 3D film බලනවා වගේ 3D විදියට වැඩ කරන්න පුළුවන් වෙන්න හදපු අලුත් technology එකක්.මේ අවුරුද්දේ මුල ඉඳලම HoloLens කරළියට ආවත් පසුගිය දින ඉදිරිපත් කරන ලද මේ holographic headset එක තමයි දැනට තියෙන අලුත්ම පැහැදිළි view එකක් තියෙන උණු උණු සාමාජිකයා.
මේයින් ඉතා පැහැදිළි 3D pictures ප්‍රක්ෂේපණයක් සිදු කරන අතර ඔබේ ඒකාකාරී design life එකට සුවපහසු නවීන පසුබිමක් නිර්මාණය කර දෙනවා.
පසුගිය්දා පැවති Microsoft’s Worldwide Partner’s Conference එකේදී graphic designers ලා අතර වඩාත් ජනප්‍රිය බහුලව භාවිතා වෙන Autodesk’s Maya 3D animation software එක එක්ක මේ HoloLens එක භාවිතා කරන ආකාරය පෙන්වා දුන්නා. ඒ අනුව ඔයා ලඟ දැනට තියෙන key board එකයි mouse එකයි යොදගෙන 3d project එකක් ත්‍රිමාණව ඔබ ඉදිරියේ ප්‍රක්ෂේපණය කරගන්න පුළුවන්. හරියට පොඩි කාලේ මේසේ උඩ තියාගෙන building box වලින් සෙල්ලම් කරනවා වගේ . ඕනම කෝණයකින් angle එකකින් එය හසුහුවන්න පුළුවන් ඔයාගේ හිතේ හැටියට.

මේකෙ තවත් ලස්සන වැඩක් තියෙනවා, අපි හිතමුකෝ දෙතුන් දෙනෙක් එකතු වෙලා වැඩක් කරනවා කියල. ඒක ළඟ ඉඳගෙන නෙවේ, ලෝකේ කොහේ හරි ඉඳලා online.අමුතුවෙන් කියදෙන්න ඕන නෑනේ දැන් කාලේ වැඩ කරන්නේ කොහොමද කියල. ඉතින් මේ HoloLens එක ආශ්‍රයෙන් දෙතුන් දෙනෙක් එකතු වෙලා වැඩක් කරනවනම්, කාට හරි idea එකක් අවිත් comment එකක් දුන්නොත් එහෙමත් නැත්තම් suggesion එකක් කරොත් මේ අලුත් holographic headset සහයකයාට පුළුවන් අදාළ ස්ථනයේ ඒ comment එක හරි idea එක හරි display කරන්න . එතකොට ඔයා නම් වැඩේ කරන්නේ හරියටම ලේසියෙන් idea එක ගන්නත් වැඩේ කරන්නත් පුළුවන්.
ඒවගේම මේ අලුත් HoloLens එකට පුළුවන් ඔයා කොතනද බලන්නේ, කොපමණ දුරකින්ද objeect එක තියෙන්නේ, comment එකක පහසුවෙන් පෙන්වීම සඳහා කොතනින් කොපමන විශාලත්වයකින් display කරන්න ඕනද යන සියල්ලම නිවැරදිව තීරණය කරන්නට.

ඔනේනම් comment කරන ඒව ඔයාට ඇහෙන විදියට කියවන්න වුනත් පුළුවන්. එතනින් නවතින්නෙත් නෑ, කැමතිනම් යූජනා කරපු වෙනස්කම කරලා පෙන්වන්න තරමටම මේ අලුත් HoloLens එක දක්ෂයි.පුදුමයි නේද?.

MicroSoft එක මඟින් පවත්වන ලද මේ අලුත්ම HoloLens එකේ demostration එක අවසානයේදි , එහි CEO Satya Nadella කිව්වෙ. “”For the very first time, we’re going to have a computer that’s going to allow us to mix the digital and the real.” කියලා. ඒකියන්නේ . මම දකිනවා හැම වෙලාවෙම එන්න එන්නම මේ HoloLens එක දියුණු වෙනවා, තව තවත් සුවිශේෂ අංග වලින් පොහොසත් වෙනවා. ඒ අනුව ප්‍රථම වතාවට අපට පුළුවන් වුනා digital තාක්ෂණයයි සැබෑ ලෝකයයි එකට යා කරන්න.අපිටත් හිතෙනවා ඒක නම් ඇත්ත තම කියලා මේකෙ option ටික දැක්කම. හැබැයි තාම මේකේ මිල පිළිබඳව නම් දැනුවත් කරල නෑ. කොහොම වුනත් New York Times සඟරාවනම් කියන්නේ ඒක Xbox gaming console එකට වඩා මිල වැඩි විය හැකි බවයි.

LISA EADICICCO
විසින් රචිත BLOG වාර්ථාවක් ඇසුරිනි

Comments

comments