මොකක්ද මේ Windows 10 Developer mode කියන්නෙ ?

මොකක්ද මේ Windows 10 Developer mode කියන්නෙ ?

4853
1
SHARE

Windows 10 Settings වල තියෙන තවත් එක option එකක් විදියට Developer mode හදුන්වා දෙන්න පුළුවන්. Windows 10 Home ඇතුළුව Windows 10 හැම edition එකකම මේ option එක තියෙනවා. Windows වල Developer mode enable කරලා තිබුනොත් ඔයාට හරිම පහසුවෙන් ඔයා develop කරන apps, test කරන්න, Ubuntu Bash Shell environment භාවිතා කරන්න වගේම developer focused settings වෙනස් කරන්නත් පුළුවන්.

ඉතින් ඔයාලත් කැමති ඇති දැනගන්න කොහොමද මේ Developer mode enable කරගන්නේ කියලා. ඒක හරිම පහසු දෙයක්. Settings page එකේ Update and security වල For developers click කරාම දිස්වෙන developer features වල Windows Store apps සහ Sideload apps කියන option 2 ට පහලින් තියෙන Developer mode කියන option එක tick කරන එක විතරයි ඔයා කරන්න ඕන.

මේකෙදි Windows Store apps enable කරලා තිබුනොත් Windows Store එකේ තියෙන UWP (Universal Windows Platform) apps විතරයි අපිට install කරන්න ඉඩ දෙන්නේ. Sideload apps enable කරලා තිබුනොත් Windows Store එකේ apps වලට අමතරව valid certificate එකක් තියෙන ඕනම app 1ක් install කරන්න ඉඩ දෙනවා. මේක තමයි default option එක වෙන්නේ. හැබැයි enable වෙලා තියෙන්නේ Developer mode නම් valid certificate එකක් නැති Windows Store එකේ නැති app 1ක් උනත් install කරගන්න කිසිම බාධාවක් නැහැ. මේක UWP app developers ලට ලොකු පහසුවක්. මොකද කියනවනම් එයාලට එයාලගේ app develop කරද්දී එයාලගෙම PC වල test කරන්න පුළුවන් නිසා. මේ නිසා windows 8.1 වලදී වගේ developer license 1ක් ඕන වෙන්නේ නැහැ. ඒ වගේම තමයි UWP app visual studio වල debug කරන්නත් Developer mode වලින් ඉඩකඩ සැලසෙනවා. මේ නිසා Windows Store upload කරන්න කලින් තමන්ගේම PC එකේ test කරලා බලන්න developers ලට පුළුවන්.

ඒ විතරක් නෙවෙයි Windows 10 වල Ubuntu Bash Shell භාවිත කරන්න නම් Developer mode enable වෙලා තියෙන්නම ඕනේ. Developer mode enable වෙලා තිබුනොත් විතරයි Linux සදහා තියෙන Windows subsystem enable වෙන්නේ. එතකොට ඔයාට පුළුවන් Ubuntu Bash environment install කරගන්න.

මීට අමතරව Developer mode එකෙන් developers ලට අවශ්‍ය settings වලට පහසුවෙන්ම access දෙනවා. ඒ කියන්නෙ settings වල තියෙන For developers කියන pane එකෙන් system settings ගොඩක්, වෙනස් කරන්න ඉඩකඩ සැලසෙනවා. මේ විදියට එක එක තැන් වල තියෙන settings එක තැනකින් access කරන්න පුළුවන්කම තියෙන නිසා Developer mode එක developer friendly mode එකක් කිව්වොත් වැරද්දක් නැහැ. උදාහරණයක් විදියට For developers කියන pane එක යටතේ තියෙන file explorer හරහා පුළුවන් file extensions, empty drivers, hidden files display වෙන විදියට settings හදා ගන්න, පහසුවෙන්ම run as different user option enable කරන්න. ඒ වගේම මේ developer pane එක හරහාම remote desktop settings, power settings, power shell settings වෙනස් කරන්නත් පුළුවන්. ඉතින් developer pane එක යටතේම මේ settings වෙනස් කරන්න දීල තියෙන එක ලොකු පහසුවක්. මේ සේරම පහසුකම් සළකා බැලුවම developers mode කියන්නෙ ඔයා developer කෙනෙක් කියලා windows වලට ඒත්තු ගන්වන්න භාවිතා කරන switch එකක් කිව්වොතින් නිවැරදියි.

source : How-To Geek

Comments

comments

1 COMMENT

Leave a Reply to මොකක්ද මේ Windows 10 Developer mode කියන්නෙ ? - Kolomthota Cancel reply