Windows සමග පැමිණෙන 3D Builder app එක

Windows සමග පැමිණෙන 3D Builder app එක

3083
1
SHARE
3d Builder
3d Builder

Windows 10 පාවිච්චි කරන අය සමහර විට දැකලත් ඇති start menu එකේ All apps වලට ගියාම උඩින්ම මේ app එක තියෙනවා. ඒත් ගොඩක් දෙනෙක් මේ app එකෙන් කෙරෙන්නේ මොකද්ද කියල හරියටම දන්නේ නැහැ.

ඇත්තටම බැලුවොත් windows 8.1 වල සිට පැමිණෙන්න සියලුම Windows මෙහෙයුම් පද්ධතින් plug-and-play 3D printers සදහා දක්වනවා. ඒ අනුව සියලුම 3D file formats හදුනාගෙන, ඒ හා අදාල සියලුම 3D hardware printers සදහා signals සම්ප්‍රේෂණය කර ඔබ පරිගණකය තුල නිර්මාණය කල 3D object එක print කිරීමට අදාළ සියලුම පහසුකම් සලසා දෙනවා.
3D objects print කල හැකි 3D printers කිහිපයක් ගැන පහත video එකෙන් ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්.

 

ඉතින් මේ 3D Builder එක ගැන කතා කලොත්, මේ app එක මාර්ගයෙන් ඉතාමත් ලේසියෙන් 3D objects නිර්මාණය කරගන්න පුළුවන්. default app එක සමගින් 3D objects කිහිපයක් windows මගින් ඉදිරිපත් කරලා තියෙනවා. මීට අමතරව, ඔබට කැමති ආකාරයට 3D object කොටස්  නිර්මාණය කර ගෙන ඒ කොටස්  ආධාරයෙන් අවසාන object එක නිර්මාණය කර ගත හැකියි. මෙම නිර්මාණ සදහා ඉතාමත් විශේෂ control panel එකක්ද තියෙනවා. විශේෂයෙන්ම මෙම app එක සරල prototypes නිර්මාණය කිරීමට බොහෝ දෙනා පාවිච්චි කරනවා.

apps.28393.9007199266246359.172e0670-0dd1-4654-9c31-1f7dc3f32988

Microsoft ආයතනයේ official blog page එකේ 3D Builder එක ගැන ඔවුන් සදහන් කර තිබුනෙත් මේ ලෙසින්…

“3D Builder has a catalog of objects you can create from ornaments to toys and more. The clean, simple user interface lets you scale, rotate and adjust what you want to print. Add multiple objects to a single print – even stack or push objects into one another to create new ones. Printing 3D objects created in other applications or ones that are downloaded from the Internet is really easy with the 3D Builder app and touch as well,”

Comments

comments