SHARE

ජූලි 29 දින Microsoft සමාගම Windows 10 මෙහෙයුම් පද්ධතිය පාරිභෝගික ඔබ අතට පත් කළා. මේ වන විට ලොව පුරා උපාංග මිලියන 110 කට අධික ප්‍රමාණයක මෙම මෙහෙයුම් පද්ධතිය භාවිතා වනවා. අද දිනයේ Microsoft සමාගම Windows 10 සඳහා ප්‍රථම ප්‍රධාන update එක නිකුත් කළා. මේ හරහා කැපී පෙනෙන වැඩි දියුණු වීම් රැසක් Windows 10 මෙහෙයුම් පද්ධතිය වෙතට එක් වෙනවා. සමාගමට අනුව මෙම update එක හඳුන්වන්නේ version 1511, 10586 ලෙසින්. තවත් ආකාරයකට November Update ලෙසින්. Windows 10 හි සෑම අංශයක්ම පාහේ මේ හරහා වැඩි දියුණු වෙනවා. ඔබට Windows Update හරහා මෙය ලබා ගන්න පුළුවන්. මේ පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් බලාපොරොත්තු වන්න.

Comments

comments