Windows 10 Mobile Insider Preview Build 10586.29 නිකුත් වෙයි.

Windows 10 Mobile Insider Preview Build 10586.29 නිකුත් වෙයි.

2984
1
SHARE

අවසාන Windows 10 Mobile Insider Preview build එක නිකුත් වෙලා සති කිහිපයක් ගත වුණා. build 10586 නිකුත් කලේ නොවැම්බර් 18 දිනයි. මේ build එක තමයි අවසාන නිකුත් කිරීමට පෙර නිකුත් කල අවසාන Preview build එක වන්නේ. Microsoft සමාගම අද දිනයේ අලුත්ම build එකක් නිකුත් කළා. හැබැයි මෙය හැදින්වෙන්නේ build 10586 සඳහා වූ first Cumulative Update එක ලෙසයි. කෙසේවෙතත් මේ update එක හරහා කැපී පෙනෙන වෙනස්කම් නම් දකින්නට ලැබෙන්නේ නැහැ. මේ build එකේ අනුවාද කේතය 10586.29 ලෙසිනුයි දැක්වෙන්නේ. Windows Insiders ලා හරහා ලැබුණු ප්‍රතිචාර සැලකිල්ලට ගෙන අවශ්‍යය වෙනස්කම් සිදු කර තිබෙනවා. Microsoft Blog සටහනට අනුව මේ update එක හරහා සිදු වූ වෙනස්කම් සැකෙවින්,

1. Windows 8.1 සිට 10 වලට upgrade වීමේදී මීට පෙර ඇති වූ ගැටළු විසඳා ඇත. විශේෂයෙන්ම සීමාසහිත හිස් අවකාශයක් සහිත දුරකථන වලදී හටගත් ගැටළු මෙලෙස විසදා ඇත.
2. Windows Phone 8.1 Silverlight applications සඳහා backwards compatibility එක තවදුරටත් වැඩි දියුණු කර ඇත.
3. Edge Browser එකේ කාර්යක්ෂමතාවය වැඩි කර ඇත. URL Auto-completion තව දුරටත් වැඩි දියුණු කර ඇත.
4. Bluetooth ස්ථාවරත්වය වැඩි දියුණු කර ඇත.
5. Dual SIM උපාංග වල ක්‍රියාකාරී cellular connectivity profile ආශ්‍රිතව තිබු ගැටලුව විසදා ඇත.

Comments

comments