අලුත්ම Windows 10 Tricks

අලුත්ම Windows 10 Tricks

3969
1
SHARE

අද මේ කියන්න යන්නෙ Windows 10 පාවිච්චි කරන ගොඩක් අය දන්නෙ නැති Windows 10 Tricks කිහිපයක් ගැන. මේ සමහර Tricks ඔබ බොහෝවිට නොදැන ඉන්නට පුළුවන්. නමුත් මේ Tricks ඔබේ Windows අත්දැකීම තවත් වැඩි කරාවි. WindowsGeek කියවන ඔබ දැනටමත් දන්නවා Windows 10 Builds 10565 Preview එක මේ සතියෙ මුල නිකුත් උනා කියලා. තව අලුත්ම Update එකත් එන්නට සූදානම් වෙලා තියෙනවා. ඉතින් මේ අලුත්ම Windows 10 එක්කම මේ Tricks තවත් හොද Windows 10 අත්දැකීමක් ගෙනේවි.

මේ trick ඔබ නොදන්නේ බොහෝවිට මේ පොඩි පොඩි tricks , Windows ප්‍රසිද්ධ නොකරන නිසා. පහත දැක්වෙන්නේ ඔබේ Windows 10 අත්දැකිම වේගවත් කරවන tricks කිහිපයක්.

1.Active Window එක හැර අනෙකුත් open කර ඇති Windows එකවර Minimize කරමු.

ඔබට Open ව තබාගැනිමට අවශ්‍ය Window එකේ Title Bar එක මත Mouse pointer එක තබා Click කර තබාගන්න(Click & hold). එසේ තබාගනිමින් කිහිප වරක් දෙපසට Mouse එක සොලවන්න(Shake). එවිට ඔබ තොරාගත් Window එක හැරුනු විට අනෙකුත් Windows Minimize වී යනු ඇත.

2.පහසුවෙන් Properties menu එක Open කරමු.

properties-menu

File Explorer එකේ දී Alt key එක press කරගෙන ඔබට properties Menu එක අවශ්‍ය file එක මත Double Click කරන්න. ක්ෂනිකව properties Menu එක මතුවේවි.

3.අලුත් Windows key Board Shortcut

Win key + I මගින් අලුත් Settings Menu එක Open කරන්න.

Win key + A මගින් අලුත් Action Center එක Open කරන්න.

Win key + X මගින් රහස් Start Menu එක Open කරන්න.

4.Recycle Bin එක Start menu එකට Pin කරමු.

pin-recycle-bin-to-start

ඔබට අවශ්‍ය නම් Recycle Bin එක පහසුවෙන් Start menu එකට pin කරගන්න , Recycle Bin එකේ Desktop Icon එක මත Right Click කර Pin to Start තෝරන්න.

5.Background Windows Scroll කරමු.

background-scrolling

Windows 10 වලදි ඔබට පුළුවන් ඕනම Open කරලා තියෙන Window එකක් Scroll කරන්න. ඒ කියන්නේ Active නැති Background එකේ Open කරල තියෙන Window එකක් උනත් Scroll කරන්න පුළුවන්. නමුත් මේ පහසුකම සමාන්‍යයෙන් සක්‍රිය කරල එන්නේ නෑ. ඔබට පුළුවන් මෙය සක්‍රිය කරගන්න. පලමුව Settings වලට පිවිස එහි Device තෝරා එහි ඇති Mouse & Touchpad tab එකේ Scroll inactive windows when I hover over them යන්න On කරන්න. එවිට ඔබට පහසුවෙන් මෙම පහසුකම අත්හදා බලන්නට පුළුවන්. එවිට ඔබට Active නැති window එකක් වුවද Scroll කරන්නට හැකිවනු ඇත.

6.Start Menu එක හරහා වේගයෙන් වැඩ කරමු.

start-menu-speed-dial

Start menu එක තුල ඇති All apps යන්නෙහි අකුරු සහ ඉලක්කම් ඇති Jump List එකෙන් අවශ්‍ය අකුර හෝ ඉලක්කම Click කල විට අවශ්‍ය තැනට පහසුවෙන් යොමුවිය හැක.

7.Task bar එක පහසුවෙන් හසුරවමු.

taskbar-keyboard-shortcuts

ඔබට අත්‍යවශ්‍ය programs task bar එකේ pin කර තබා ගන්නට Windows වල පහසුකම් තිබෙන බව ඔබ දන්නවා. ඉතින් එසේ pin කර ඇති programs ක්ෂනිකව Run කරවන්නට පහසුකම් Windows 10 වල තිබෙනවා. ඒ Win key එක සමග program එක pin කර ඇති අංකය press කිරිමෙන්. එනම් ඔබ Start Button එකේ සිට Pin කර ඇති පිලිවෙල අනුව අංක යෙදෙනු ඇත.

Win key එක සමග T අකුර press කරගෙන ඔබට task bar එකේ pin කර ඇති හා Open කර ඇති programs check කල හැකිය.

මෙවන් tricks හරහා ඔබට Windows 10 අලුත් අත්දැකීමක් වනු ඇත. ඔබත් උත්සාහ කර බලන්න.

Comments

comments