Android සඳහා වූ Microsoft Office Apps දැන් ලබා ගත හැක

Android සඳහා වූ Microsoft Office Apps දැන් ලබා ගත හැක

2567
1
SHARE

ලොව බහුලවම භාවිත වන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය Android කියලා කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවනේ. Google සමාගමට අනුව දෙන ලද ඕනෑම දින 30ක කාල සීමාවකදී බිලියනයකට වඩා වැඩි පිරිසක් Android භාවිත කරනවාලු. Office Apps, Preview තත්වයෙන් මිදී දැන් ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුළුවන්. මේ නව Apps දැනට පවතින Office Mobile hub ප්‍රතිස්ථාපනය කරනවා. නමුත් සමාන අත්දැකීමක් නව අංග සමගින් පාරිභෝගිකයන්ට ලබා දෙනවා. Android සදහා මේ Apps ගෙන ඒම Microsoft සමාගමට වඩා වැදගත් වනු ඇත. Office කියන්නේ Microsoft සමාගමට වැඩිම ආදායමක් ලබා දෙන නිෂ්පාදනයක්. ඒ නිසා එය පාරිභෝගිකයන්ට සියලුම මෙහෙයුම් පද්ධති වලදී භාවිතා කිරීමට හැකි වීම වඩා වැදගත්.

ඔබ Android 4.4 හෝ ඉහල මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්නේනම් ඔබට Play Store හරහා download කරගන්න පුළුවන්. ඒ සදහා පහත Links භාවිතා කරන්න.

Download: Word | PowerPoint | Excel

Comments

comments