Asus සමාගම තමන්ගේම HoloLens උපකරණයක් නිපදවීමට Microsoft සමාගම සමග සාකච්ඡාවක

Asus සමාගම තමන්ගේම HoloLens උපකරණයක් නිපදවීමට Microsoft සමාගම සමග සාකච්ඡාවක

2397
1
SHARE

Windows 10 සමග Microsoft සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ Microsoft HoloLens උපකරණය පිළිබඳ මින් පෙර Windows Geek අපි, ඔබ දැනුවත් කොට ඇත. ඒ පිළිබඳ උනන්දු ඔබට මෙම පුවතද වඩාත් වැදගත් වනු ඇත.

මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී, Asus සමාගමේ CEO Johnny Shih සහ Microsoft සමාගමේ Windows and Devices පිළිබඳ උප සභාපති Terry Myerson පවසා සිටියේ, Asus සමාගම විසින් තමන්ගේම Microsoft HoloLen උපාංගයක් නිපදවීම පිළිබඳ සාකච්ඡා පැවති බවටයි.

එහිදී Myerson මහතා CNet වෙත පවසා සිටියේ, තම සමාගම විසින් hardware වෙත කරනු ලබන සියලුම වෙනස්කම්, Windows ecosystem 1ක වර්ධන කිරීමේ අරමුණින් සිදු කරන බවත්, එනිසා වර්ගීකරණයක් නිර්මාණය කිරීමට ආයෝජනය කරන බවත්ය. තවද තාක්ෂණික තක්සේරුව සහ සුදුසු hardware උපකරණයක් සමග කටයුතු කිරීම, Shih මහතාට අදාල වන බවද තවදුරටත් ඔහු පවසා සිටියේය.

තවද Shih මහතා පවසා සිටියේ, තම සමාගම විසින් තමන්ගේම HoloLens උපකරණයක් නිපදවන ප්‍රථම third-party Manufacturer වීමේ අදහස තක්සේරු කරමින් සිටින බවත්, එම ව්‍යාපෘතියට සම්පූර්ණයෙන්ම කැපවී නොමැති වුවත්, පාරිභෝගිකයන් හට ඒ පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටින ලෙසත්ය.

මින් පෙර Microsoft සමාගම දන්වා සිටි පරිදි 2016 වසරේ මුලදී HoloLens developer kit 1ක නිකුත් කිරීමට නියමිත වන අතර මෙම පුවත සමග පෙනීයන්නේ HoloLens උපාංගය තවමත් ප්‍රාථමික අවදියේ පසු වුවද එය සතු හැකියාවන් අනුව ක්‍රමයෙන් වර්ධනය වන බවය.

Comments

comments