ඔබේ Virtual machine එක Backup කර රැකගන්න

ඔබේ Virtual machine එක Backup කර රැකගන්න

2654
1
SHARE

Application errors මඟින් ඔබේ දත්ත වලට හානි විය හැක. ඒ වගේම human errors නිසා ඔබේ application එකට bugs ඇතුල් විය හැක. Windows සහ Linux සඳහා වන virtual machines ආරක්ෂා කරගැනීමට Azure Backup උදව් වෙනවා.

ඔබ මේ Azure Backup තෝරා ගත යුත්තේ ඇයි?

කොහි තිබුනත් එය ඔබේ වටිනාම සම්පත් රැක දෙයි.

protectඔබේ data සහ application- servers, clients සහ cloud යන ඕනෑම තැනක තිබිය හැක. ඉතිං මේ Backup එකකට පුළුවන් ඔබේ ඒ ඉතා වැදගත් තොරතුරු හොඳින් ආරක්ෂා කරගන්න. SharePoint, Exchange, සහ SQL Server; files සහ folders; Windows servers සහ clients; Azure infrastructure-as-a-service (IaaS) virtual machines මෙයට ඇතුලත් විය හැක.

Tapes සඳහා විකල්පයක් වන නිසා.

tapeබොහෝ ආයතන වල ව්‍යාපාරික කටයුතු සඳහා ඔවුන්ට වසර ගනනාවක තොරතුරු තබාගැනීමට සිදු වේ. ඒ සඳහා ඔවුන් බොහෝ විට භාවිතා කලේ Tapes ය. ඒ සඳහා අධික වියදමක් ඔවුන්ට දරන්න වෙනවා. Azure Backup යනු මෙයට කදිම විකල්පයකි. ඒ වසර 99ක වුවද තොරතුරු රඳවා තබා ගැනීමට හැකි වීමත්, කෙටි කාලයක් ඇතුලත recover කරගැනීමට හැකි වීමත්, සැලකිය යුතු මුදලක් ඉතිරි කර දෙන නිසාත් ය.

ඉතා ආරක්ෂාකාරී සේවාවක් වන නිසා.

secureඔබේ Backup කරන ලද data, geo-replicated (එනම් එකම දත්තය ලොව පුරා තැන් කිහිපයක ගබඩා කර තබන ක්‍රමයකි ) data centers 2ක පිටපත් 6ක් ලෙස ඉතා ආරක්ෂාකාරී ලෙස ගබඩා කර තිබේ. මෙය 99.9%ක්ම විශ්වාසදායක සේවාවකි.

ඉතා කාර්යක්ශම සහ නම්‍යශීලී online සේවාවක් වන නිසා.

efficientමෙය ඉතා කාර්යක්ශම ආකාරයකට සිදු කරයි. දත්ත ඇතුල් කල පසු එක්තරා සංඛ්‍යාතයකට අනුව ක්‍රමයෙන් වෙනස් කරයි.

මෙහි එන විශේෂාංග නම්,
Compression
Encryption
longer retention
bandwidth throttling
boost IT efficiency

Azure Backup යනු ඔබට අවශ්‍ය ලෙස ඔබගේ දත්ත ආරක්ෂා කරගත හැකි ඉතා ලාබදායි ක්‍රමයකි.

Microsoft Operations Management Suite පිලිබඳ තවත් තොරතුරු 

Comments

comments