කරළියට බහින්න නියමිත Call of Duty: Infinite Warfare

කරළියට බහින්න නියමිත Call of Duty: Infinite Warfare

3435
1
SHARE

Video games play කරන වගේම ආසාවක් තියෙන අයට සුභ ආරංචියක්! Call of Duty අලුත්ම සංස්කරණය Call of Duty: Infinite Warfare ගැන පොඩි හැදින්වීමක් තමයි මේ.

පෙර සංස්කරණ වල වගේම මේකත් first-person shooter video game ඝණයට වැටෙන game එකක්. game ඒක නිර්මාණය කරලා තියෙන්නේ Infinite ward, publish කරන්නේ Activision. මේක Call of Duty game series එකේ 13 වෙනියට එන game ඒක. මීට පෙර ආව CoD game series වගේම මුහුණුවරකින් සමන්විත Call of Duty: Infinite Warfare පරිගණක ක්‍රීඩාව ඉදිරි කාලයේදී (November 4, 2016) නිකුත් කිරීමට සැලසුම් කරගෙන ඉන්නවා. Play station 4, Xbox one වගේම PC සඳහාත් ඒකවර සංස්කරණ නිකුත් කිරිමට නියමිතයි. නමුත් අනෙකුත් CoD series වල නොතිබුණු වෙනස්කම් බොහොමයක් මෙයට ඇතුලත් කර තිබෙනවා.ඒ වගේම game modes තුනකින් එළිදක්වන්න නියමිතයි. මේ තුන වන්නේ Campaign mode, multiplayer mode සහ zombies mode.

game එකේ කතාව මොකක්ද දැනගන්න මේක බලන්න,

Game ඒක ගැන පුංචි සඳහනක් කරන්නම්, මේ CoD game එකේදී ඔයාට පණ පොවන්න වෙන්නේ Captain Reyes චරිතයට. අධික ජනග්‍රහණය වගේම කාර්මීකරණය වීම නිසා ස්වභාවික සම්පත් විනාශ වුන අනාගතයේ දවසක පෘතුවියේ ඔබ හිඳීවි. පෘතුවියට තිබෙන එකම බලාපොරොත්තුව සුර්යග්‍රහමන්ඩලයේ තැනක ආකාශ වස්තුවක කෘතිමව සිටුවා තිබෙන ශාක පැළෑටි. ඒ අයිතිය ලබාගන්න සටන් කරන කැරලි කරුවන් පිරිසකට එරෙහිව Captain Reyes ට සටන් කරැන්න සිදුවෙනවා. මේ සතුරු ප්‍රහාරයෙන් ලෝකය අස්ථාවර වෙන නිසා United Nations Space Alliance ඒක ගුවනේ ස්ථාපනය කරනවා, එකේ ඉන්න pilot කෙනෙක් තමයි Captain Reyes කියන්නේ. සතුරු ප්‍රහාර නිසා විනාශ වෙන warships අතරින් ඉතිරිවෙන warship කිහිපයකින් එකක් තමයි මේ කතාවේ කේන්ද්‍රය වෙන්නේ, ඒ තමයි Captain Reyes ගේ warship ඒක. warship එකේ තියෙන Jackal කියන space combat jet-fighter එක පදවන්නත් ඔබ ට සිදුවේවි. ඒ වගේම බල්ලෙකු, යුද සෙබළියක් විදිහටත් මුහුණ දෙන්න වෙන missions මේ ක්‍රීඩාවේ අන්තර්ගතයි. මේකෙ තියෙන weapons ගැන කතා කරනවානම්, වෙඩි තියනවට වැඩ වැඩි දෙයක් කරන්න පුළුවන් functions ඇතුලත් කරලා තියෙනවා. game එකට අලුතින් weapons වගේම ක්‍රීඩකයාට කලින් CoD series වල නොතිබුණු හැකියාවනුත් ලබාදී තිබෙනවා (සමහර තැන වලදී spider-man මතක් වෙයි).

අනුකම්පා විරහිත සතුරෙකුට මුහුණදෙන අත්දැකීම් Captain Reyes ගේ ඇස් දෙකෙන් බලාගන්න ඔබට හැකි වේවි (එකෙන් කිව්වේ කලින් CoD series වලට වඩා මේක ට්කක් අමාරු වෙයි). පෘතුවියෙන් ඔබ්බට ගිහින් සුර්යග්‍රහ මණ්ඩලයේ වගේම කාල තරණය කරලත් ඔබට සතුරාට මුහුණ දෙන්න වේවි. අහසේ වගේම පොළවේ ඉදන් කරන යුද්ද මේ game එකේ ප්‍රධාන කොටසක් වේවි, නමුත් මේකත් එක්තරා විදියක game එකක් නෙමෙයි.

Multiplayer සහ Zombie modes වලදී අලුතින් weapons, machines වගේම වෙන වෙනම story lines තිබෙනවා, වෙන game mode එකක් play කරද්දි අලුත් CoD series එකක් play කයනවා වගේ තියෙයි. ඒ ගැන විස්තර මේ අවුරුද්දෙ අන්තිමට තමයි කියන්න වෙන්නේ මොකද තවම ඒ game modes release කරන්න සුදානමක් නෑ.

වැඩි විස්තර කියන්න ඕනේ නෑ game ඒක කොච්චර සුපිරිද කියල මේක බැලුවහම තේරෙයි.

Comments

comments