වර්ණ සංවේදී stylus pen එකක් සදහා Microsoft සමාගමේ අවධානය

වර්ණ සංවේදී stylus pen එකක් සදහා Microsoft සමාගමේ අවධානය

2277
1
SHARE

Microsoft සමාගම විසින් නිර්මාණය කරපු Surface tablet එකත් සමග කරලියට එන Surface pen stylus එක සදහා තවත් විශේෂ වැඩිදියුණු කිරීමක් සදහා Microsoft ආයතනයේ අවධානය යොමු වෙලා තියෙනවා. නමුත් තවම වර්ණ හදුනා ගත හැකි feature එකට අවශ්‍ය තාක්ෂණය තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ.

Stylus pen patent

ඇත්තටම බැලුවොත් මේ pen එක පාවිච්චි කරලා real world objects වල, ඒ කියන්නේ අපි අවට ලෝකයේ පවතින වස්තුන් වල සබැ වර්ණ digital display එකක් මතට ලබා ගන්න පුලුවන්. සරල විදියටම කිව්වොත් ඔබට කැමති වස්තුවක් මත මේ stylus pen එකේ tip එක වරක් touch කරලා, නැවත ඔබ display එක මත pen එකේ tip එක touch කරපු සැණින් ඔබට එම වර්ණය device එක තුලදී පාවිච්චි කරන්න පුළුවන්.

කොහොම වුනත් මේ වන විට ඒ සදහා අවශ්‍ය patent බලපත්‍රය ලබා ගැනීම සදහා Microsoft සමාගම විසින් ලියකියවිලි සකස්කොට ඉදිරිපත් කරලා තියෙනවා. මෙතනින් patent Application Document එක බලාගන්න පුළුවන්

Stylus pen patent

Stylus pen patent

patent application එකේ ඉදිරිපත් කරලා තියෙන ආකාරයට රෝස ගසකට අදාළ සබැ වර්ණ digitally ලබා ගන්නා ආකාරය

ඉදිරි කාලයකදී අනිවාර්ය වශයෙන් Microsoft සමාගම මෙම තාක්ෂණය සහිත stylus pen වෙළදපොලට නිකුත් කරනු ඇති.

Comments

comments