Windows 10 සදහා Apple iCloud setup කරගන්නේ මෙහෙමයි.

Windows 10 සදහා Apple iCloud setup කරගන්නේ මෙහෙමයි.

2848
1
SHARE

ඔබ windows පරිගනකයක් සමගින්  iPhone, iPad, හෝ Mac පරිගණකයක් පාවිච්චි කරන්නේනම් මේ article එක ඔබට වැදගත් වේවි. අද අපි කතා කරන්න යන්නේ windows 10 සදහා Apple iCloud setup කරගන්න විධිය ගැනයි. මේ විදියට iCloud setup කරගත්තට පස්සේ ඔයාට :

  • ඔයාගේ iOS device එකේ, Mac එකේ iCloud photo library එකට save කරපු සියලුම photos windows වල ඉදලා බලන්න පුළුවන්.
  • windows වල ඉඳන්ම iCloud drive එක පාවිච්චි කරන්න පුළුවන්.
  • සාමාජිකයන් 6 ක් දක්වා family calenders, reminders වගේ දේවල් සහ එකම credit card එකකින් family purchase සදහා ගෙවීමේ හැකියාව.
  • Mail, Contacts, Calendar, Notes, සහ Reminders iCloud configure කරලා තියෙන ඕනෑම device එකක සිට update කිරීමේ හැකියාව.
  • Mac වල හෝ iphone එකක ඔබ පාවිච්චි කරන Bookmarks, Reading List, සහ iCloud Tabs windows මත සිට පාවිච්චි කිරීමේ හැකියාව.
  • මේ වගේ තවත් Backup සහ restore, iMovie Theater වගේ සැහෙන්න දේවල් ටිකක් iCloud වලින් කරන්න පුළුවන්.

 

දැන් අපි බලමු iCloud setup කරගන්න විධිය පියවරෙන් පියවර.

  1. මුලින්ම ඔබ windows සදහා iCloud setup එක download කරගෙන install කරගත යුතු වෙනවා. මෙතනින් iCloud setup එක download කරගන්න (size – 119 MB)omal-perera_icloud_1

 

  1. දැන් ඔයාගේ AppleID එකයි password එකයි enter කරලා sign in වෙන්න.omal-perera_icloud_2

 

 

 

  1. දැන් ඔයාට windows pc එකේ ඉඳල iCloud එකට sync විය යුතු දේවල් මොනවද කියලා, ඔයා කැමති විදියට tick එක දාල select කරන්න.

දැන් ඔයාගේ iOS device වල සහ අනෙකුත් device වල iCloud එකට sync කරලා තියෙන calendars, contacts, bookmarks, reminders වගේ සියලුම දේවල් ඔක්කොම windows 10 වලට ලැබෙනු ඇත.

 

NOTE : මේ ආකාරයට ඔබගේ files sync වීමට නම් ඔබගේ apple devices  වලද  ඉහත අයුරින්ම iCloud configure කර තිබීම අනිවාර්ය වෙයි. MacBook  එකක configuration කරගන්න ආකාරය පහලින් දැක්වෙයි.

omal-perera_icloud_3omal-perera_icloud_4

මේ ගැන ඔබට ප්‍රශ්න ඇත්නම් comment එකක් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න. නැතිනම් WindowsGeek help desk එකට ගොස් ඔබගේ ප්‍රශ්නය යොමු කරන්න.

 

Comments

comments