Cortana වෙනුවෙන්ම අලුත් ගැජට් එකක්

Cortana වෙනුවෙන්ම අලුත් ගැජට් එකක්

5406
1
SHARE

Cortana කියන්නේ දැන් Windows පාවිච්චි කරන්නන්ට අමුතු දෙයක් නම් නොවෙයි. WindowsGeek අපි ඔබට Cortana ගැන බොහෝ දේ ගෙන ආවා. ඉදිරියටත් Cortana ගැන නැවුම් තොරතුරු ඔබට ගෙනෙන්නට අපි සූදානම්. ඇත්තටම Cortana කියන්නේ Windows වලට එන හුරුබුහුටිම දේ කිවුවොත් වැරදි නෑ. මොකද Cortana ඒ තරමටම මිනිසුන්ට ලෙන්ගතුයි. කොතරම් සමීපද කියලා බලන්න මෙතනින්.

Microsoft සමාගමේ පවතින Labs වල මේ වෙනකොට Cortana වෙනුවෙන් බොහෝ දේ ලහි ලහියේ සූදානම් වෙන බවයි ආරංචිය. ඉතින් මේ කියන්නේ ඒ වෙනුවෙන් එන්නට නියමිත වෙන අලුත්ම ගැජට් එක ගැන.

මේ අලුත්ම උපාංගය සූදානම් වෙන්නේ Cortana තවත් බොහොම පහසුවෙන් මිනිසුන් හා ගනුදෙනු කරන්නට හැකියාවක් ලබාදෙන්නට. ඒ කුමක් හෝ උපාංගයක කොටසක් හෝ වෙනම නිපදවූ Button එකක් ලෙසද නොවේ. Microsoft ආයතනය මේ දිනවල කුඩා Earpiece එකක් නිපදවමින් සහ පරීක්ෂා කරමින් ඇති බවයි පැවසෙන්නේ.

මේ කුඩා Earpiece එක හරහා කෙලින්ම Cortana සමග සම්බන්ධ විය හැකි වේ. මෙම උපාංගය බොහෝ දුරට Motorola Moto hint උපාංගයට සමාන විය හැකි බව විශ්වාස කෙරෙනවා. එය Cortana සමග කෙලින්ම සම්බන්ධ විය හැකි ලෙස Embedded Hardware සහිතව නිපදවෙනවා.

Microsoft හි මෙම Earpiece එක headsets සදහා වන කදිම ආදේශකයක් වනු ඇති. ඔබ ගමනක් යන විට headset එකක් පැලද යාම බොහෝ විට කරදරයක් සේම අත් වලට නිදහසක් ද නොලැබීම සාමාන්‍යය දෙයක්. ඉතින් මේ Earpiece එක ඔබට Cortana සමග අලුත් අත්දැකීමක් ගෙනෙනු ඇත.

මෙම hearable technology එක Bluetooth හරහා ඔබේ Windows 10 phone එක හෝ notebook එක සම්බන්ධ කරන්නට අවස්ථාව ලැබෙන්නට නියමිතයි. ඒ අනුව මේ හරහා නිරන්තරයෙන් ඔබට Cortana සමගින් Update වෙන්නට අවස්ථාව ලැබේවි.

Moto hint උපාංගය $129 වැනි ඉහල මිලකින් යුක්ත උවද මෙම Microsoft උපාංගය අඩු මිලකින් යුක්ත විය හැකි බව පැවසෙනවා. අප දැනටමත් Smart band සමග ද සම්බන්ධ වෙමින් නිසා මෙම Earpiece අත්දැකීමත් ඉක්මනින් ඔබට සමීප වනු ඇත. මෙම උපාංගය නිකුත් වූ වහාම ඔබට ගෙනෙන්නට WindowsGeek අපි සූදානම්.

Comments

comments