Curved Display එකක් සහිත Lumia Phone එකක්?

Curved Display එකක් සහිත Lumia Phone එකක්?

22627
3
SHARE

නොබෝදා Steve Hemmerstoffer විසින් පල කෙරුණු Twitter photo එක අන්තර්ජාලය කැලබුවා. ඒ photo එකේ දැක්වුණේ unreleased Windows Phone prototype එකක bezel එකක්. ඉතා පැහැදිලිව පෙනෙනවා මෙය සාමාන්‍යය windows phone එකක නොවන බව. මන්දයත් එය curved edges වලින් සමන්විතයි. තවද මෙය Samsung සමාගමේ නවතම Flagship Device එක වන Galaxy S6 දුරකතනයට තරමක් සමානයි.
තරමක් curved Display සහිත Nokia දුරකථන මිට පෙරත් දකින්නට ලැබුනා. එකක් තමයි Lumia 1020. එය තරමක් Curved 2.5D Gorilla Glass bezel එකකින් යුක්ත වුනා. මේ photo එකේ දැක්වෙන bezel එකට අනුවනම් මෙම phone එකේ Display එකත් අනිවාර්යයෙන්ම Curved විය යුතුයි. නමුත් Lumia 1020 හි නම් තිබුනේ සාමාන්‍යය Display එකක් සමග තරමක් Curved Bezel එකක්.

$7 බිලියන වඩා වැඩි මුදලකට Microsoft සමගම Nokia Devices and Services division එක පසු ගිය වසරේ මිලට ගත්තා. ඕනෑම කෙනෙක්ට ඉතා පැහැදිලිව පේනවා මෙම photo එකේ පහල proto.nokia.com කියන web site stamp එක තියෙනවා.එමගින් හැගෙනවා මෙය Nokia හි developed කරපු prototype එකක් කියල. අවාසනාවකට මෙම photo එක හැරෙන්න වෙනත් කිසිම තොරතුරක් වාර්තා වෙලා නැහැ.

Microsoft සමාගම ප්‍රකාශ කල නව Flagship devices, Windows 10 නිකුත් වෙනවාත් සමග වෙළද පොලට නිකුත් කරන බව. නමුත් හරියටම කියන්න බැහැ මේ වසරේදී අපිට Curved Display එකක් සහිත Lumia Phone එකක් දකින්නට ලැබේවි කියල.

Comments

comments

3 COMMENTS

Leave a Reply to Gossip Lanka Cancel reply