Developer කෙනෙක්ට අවශ්‍යම Azure Functions -Part 2

Developer කෙනෙක්ට අවශ්‍යම Azure Functions -Part 2

305
0
SHARE

පසුගිය ලිපියෙන් අපි ඉගෙන ගත්ත Azure Functions කියන්නේ මොනවද , කොහොමද අපිට ඒවා භාවිතා කරන්න පුළුවන් කියන කාරණා. අද ලිපියෙන් කතා කරන්න යන්නේ මේ Azure Functions කොහොමද develop කරන්නේ කියලා. පසුගිය ලිපිය මෙතනින් කියවලාම function එකක් develop කරමු.

Functions develop කරන්න ඔබ මොන computer language එක භාවිතා කලත් , සැලකිලිමත් විය යුතු සහ දැනගත යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ඒ තමයි යොදාගත යුතු ප්‍රධාන technical concepts සහ components. මේ ලිපියෙන් අපි ඉගෙන ගන්න යන ප්‍රධාන කාරණා තමයි ,

  • function එකක තිබෙන ප්‍රධාන components සහ ඒවායේ ව්‍යුහය
  • Functions ,Azure services වලට සම්බන්ධ කිරීම
  • Visual Studio Code සහ Azure Functions Core Tools භාවිතයෙන් functions develop කිරීම

දැන් අපි බලමු function ekak develop කරගන්න ආකාරය. මුලිකවම function එකක් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා, ඒ තමයි කුමන හෝ computer language එකකින් අපි ලියන code එක සහ ඒ සඳහා අවශ්‍ය config file එක (function.json). compiled languages සඳහා මේ config file එක code එකේ තිබෙන annotations මගින් ස්වයන්ක්‍රියව නිර්මාණය වීම සිදුවෙනවා.නමුත් scripting languages සඳහා config file එක ඔබට නිර්මාණය කරන්න සිදු වෙනවා.

පහතින් දක්වා තිබෙන්නේ function.json එහෙම නැත්නම් config file එක සඳහා උදාහරණයක්.

Function app

අපිට අවශ්‍ය code එක , එහෙම නැත්නම් අපේ task එක Azure හි run කිරීමට අවශ්‍ය execution context එක අපට ලබාදෙන්නේ මේ function app එක මගිනුයි.function app එකකට එක් function එකක් හෝ එකිනෙකට සම්බන්ධ functions කිහිපයක් අඩංගු වෙන්න පුළුවන්. මේ ආකාරයට function app එක තුල functions කිහිපයක් අඩංගු වෙනවා නම් ඒ සියල්ලටම එකම pricing plan එකක් තමයි අදාළ වෙන්නේ.ඒ වගේම එකම deployment method එක සහ එකම runtime version එක අදාළ වෙනවා.

Folder structure

function app එක තුල අඩංගු වෙන සියලුම functions වලට අදාළ code එක අඩංගු වෙන්නේ root project folder එක තුලයි.host configuration file එක අඩංගු වෙන්නෙත් මේ folder එක තුලමයි. host.json file එකෙහි අඩංගු වෙන්නේ runtime-specific configurations. function app එක සඳහා අවශ්‍ය වෙන packages සහ අනෙකුත් library files , bin folder එක තුල අඩංගු වෙනවා. නමුත් වඩා නිවැරදි folder structure එක ඔබ භාවිතා කරන programming language එක අනුව යොදාගැනීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා පහතින් දක්වා ඇති ලැයිස්තුව බලන්න.

Triggers සහ Bindings

Function එකක් run කිරීමට trigger එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම function එකකට තිබෙන්න පුළුවන් එක trigger එකක් පමණයි.මේ Triggers වලට associated data තිබෙනවා, function එකේ payload එක විදියට ලබාදෙන්නේ මේ associated data.

function එකකට තවත් resource එකක් සම්බන්ධ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අපි bindings යොදාගන්නවා.input bindings, output bindings හෝ මේ දෙයාකාරයෙන්ම bindings පවතින්න පුළුවන්. bindings වලින් ලැබෙන දත්ත function එකට යන්නේ parameters විදියට.

development language එක අනුව triggers සහ bindings අර්ථකථනය කරන ආකාරය යම් තරමකට එකිනෙකට වෙනස් වෙනවා.

Azure Functions trigger සහ binding වලට උදාහරණ

Scenario : Azure Queue storage එක තුල අලුත් message එකක් popup වන සෑම අවස්ථාවකම Azure Table storage හි අලුත් row එකක් නිර්මාණය වීම.

මෙම scenario එක සඳහා අවශ්‍ය function.json file එක පහතින් දැක්වේ.

C# script example

JavaScript example

Class library example

මේ ආකාරයට ඔබට අවශ්‍ය පරිදි functions , Azure හි වඩාත් පහසුවෙන් නිර්මාණය කරගැනීමට ඔබට හැකියාව තිබෙනවා. මෙම ලිපියෙන් සඳහන් කල කාරණා වලට අමතරව පහතින් දක්වා ඇති resources භාවිතා කොට තවත් මේ පිලිබඳ වැඩි විස්තර අධ්‍යනය කිරීමට ඔබට හැකියාව තිබෙනවා .

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY