Office 365 සහ Microsoft cloud සමග Facebook එක්වෙයි

Office 365 සහ Microsoft cloud සමග Facebook එක්වෙයි

1936
1
SHARE

Facebook සමාගම විසින් Microsoft 365 භාවිත කිරීමට සුදානම් වන බව Microsoft සමාගම නිවේදනය කළා. Facebook සමාගමේ 13000ක් වූ සේවක පිරිසට වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව වැඩකටයුතු කිරීමට හොඳම tool එක ලෙස Facebook සමාගම office 365 හඳුවන්වා. office 365 business කටයුතු වලට භාවිතා කරන Cushman and Wakefield, Atkins සහ අනිකුත් ව්‍යවසායකත්ව පාරිභෝගිකයන් සමග Facebook එකතු වුනා.

Facebook සමාගමේ CIO Tim Campos දකින ආකාරයට office 365 Facebook සමාගමේ දැක්මට උදවු වෙනවා. ” ලෝකය විවෘත හා එකිනෙක බැඳුනු මෙන්ම බෙදා හදා ගැනීමට මිනිසුන්ට බලය ලබාදෙන්න ”

Microsoft උදවු ඇතිව Facebook සමාගම බිලියනයක් පමණ වූ සාමාජිකයන්ගේ ඉල්ලීම් හැසිරවීමට හැකි වී තියෙනවා. Facebookහි වැඩි වන සාමාජිකයන්ගේ ප්‍රමාණය අනුව කටයුතු කාර්යක්ෂම ඉටු කිරීමට Microsoft උදවු වී තියෙනවා.

Facebookහි කටයුතු ඵලදායීව කිරීමට office 365 සහ Microsoft cloud උපකාරී වූ ආකාරය Campos මෙසේ විස්තර කළා
” word,Excel, PowerPointහි ඇති හැකියාවන්ට වඩා office 365 ඉදිරියෙන් ඉන්නවා.Microsoft graph තුළින් සේවකයන් එකිනෙකා වැඩ කරන ආකාරය පිළිබඳ අදහසක් ගැනීමට පුළුවන්.ඒ තුළින් ඔවුන් වැඩ කල ආකාරය හා ගත කල කාල සීමාව පිලිබඳ අදහසක් ගන්න පුළුවන්.

එමෙන්ම Microsoft සමාගම office 365 සදහා අලුත් දේවල් ඇතුලත් කරන විට ඒවා තුළින් Facebook සදහා ගැලපෙන දේවල්ඇතුලත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.”

Source:  winbeta.org

Comments

comments