Windows PC එකක් Reset කරන්නේ මෙහෙයි

Windows PC එකක් Reset කරන්නේ මෙහෙයි

4687
3
SHARE

අපිට ගොඩක් දෙනෙකුගෙන් අහන්න හම්බවෙන දෙයක් තමයි, ටික කාලයක් පරිගණකය පාවිච්චි කරගෙන යනකොට පරිගණකය slow වෙනවා කියන එක. ඇත්තටම එහෙම slow වෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම slow වෙන්න ප්‍රධාන හේතුවක් තමයි කාලයක් තිස්සේ වැඩ කරනකොට එක එක software මගින් store කරගන්න files සහ, අපිට අත්‍යවශ්‍ය නොවන software පරිගණකය තුල එකතු වීම.

අපි software එක install කරලාට පස්සේ, අපීම පහසුව සදහා software එක මගින් විවිධ files hard disk එකේ තැන්පත් කරගන්නවා. සරල උදාහරණයක් වශයෙන් ගත්තොත්, අපි වැඩිපුරම යන websites වල data සහ photos අපේ web browser එක මගින් store කරගන්නවා. (අපි ඒවා cache files කියල හඳුන්වනවා). ඉතින් සැලකිය යුතු කාලයක් තිස්සේ මේ වගේ දේවල් එකතු වුනාම ඔබට ඔබගේ පරිගණකයේ slow බවක්, stuck වෙන බවක් සහ විවිධ error messages පැමිණීම අත්දකින්න පුළුවන්.

මේ වගේ ප්‍රශ්න එන අවස්ථාවක බොහෝ දෙනෙකුට එකවරම මතක් වෙන්නේ පරිගණකය format කිරීමයි. එවැනි format කිරීමකදී තමන්ගේ personal files වගේ දේවල් නැතිව යන්නට පුළුවන් ඉඩකඩ සැහෙන්න වැඩි. එහෙමත් නැතිනම් ඔබ වෙනම external hard disk එකකට විශාල කාලයක් ගත කරමින් ඔබගේ files copy කල යුතු වේ. එහෙමත් කල නොහැකිනම්, තමන්ට අත්‍යාවශ්‍ය files කොටසක් පමණක් pen drive එකට copy කරගෙන, අකමැත්තෙන් වුවද අනෙකුත් files සමග format කිරීම සිදු කල යුතු වෙයි.

ඉතින් මේ ප්‍රශ්ණයට තමයි අද article එකෙන් උත්තරයක් හොයාගෙන ආවේ. Windows සමග එන “Reset” කියන option එක අපිට මේ ප්‍රශ්නෙට පාවිච්චි කරන්න පුළුවන් හොඳම උත්තරය. ගොඩ දෙනෙක් නම් phones reset කරන එක ගැන අහලා ඇති. මේකත් ඒ වගේ තමයි. මේ option එකෙන් ඔයාට කැමැති විදියට ඔයාගේ පරිගණක reset කරගන්න පුළුවන්. ඒ  කිව්වේ ඔයාගේ personal files ඉතුරු වෙන විදියට windows fresh copy එකක් install කරපු විදියට උනත් හදාගන්න  පුළුවන්. එහෙම නැත්නම් windows install කරපු මුල දවසේ තිබුණ තත්වයට වුනත් ගන්න පුළුවන්(ඔයාගේ files උත් නැතුව).

දැන් අපි බලමු මේක කරගන්නේ කොහොමද කියාලා
1. windows button එක press කරලා settings option එකට යන්න.

sys_reset_1
2. settings window එකේ “update & Security” එකට යන්න.

sys_reset_2
3. Update & Security window එකේ වම් පැත්තේ panel එකේ “Recovery” tab එකට යන්න. ඊට පස්සේ “reset this PC” කියන topic එක යට ඇති “Get Started” button එක click කරන්න.

sys_reset_3

 

4. ඊට පස්සේ ඔයාට අවශ්‍ය විදියට options select කරගෙන යන්න.

sys_reset_4

ඔයාගේ files පමණක් ඉතුරු කරලා, අනෙකුත් සියලුම දේවල් reset කිරීමට අවශ්‍ය නම් “Keep my files” option එක click කරන්න. ඔබගේ personal files ඇතුළුව සියලුම files delete කර windows පෙර සිටි ආකාරයට සකසා ගැනීමට අවශ්‍ය නම් “Remove every things” option එක click කරන්න.
දැන් අපි reset කරගැනීමට අවශ්‍ය සියලුම පියවර සම්පුර්ණ කර අවසන්. ඊළඟ windows වලින් reset කිරීම confirm කල පසු ඔබගේ පරිගණකය restart වෙයි.

මේ ගැන ඔබට ප්‍රශ්න ඇත්නම් comment එකක් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න. නැතිනම් WindowsGeek help desk එකට ගොස් ඔබගේ ප්‍රශ්නය යොමු කරන්න.

Comments

comments