Microsoft word වල වැඩ පහසු කරගැනීමට Macros පාවිච්චි කරන්නේ මෙහෙමයි

Microsoft word වල වැඩ පහසු කරගැනීමට Macros පාවිච්චි කරන්නේ මෙහෙමයි

4229
1
SHARE

අද අපි කතා කරන්න යන්නේ Microsoft office සමග පැමිනෙන “Macros” කියල feature එකක් ගැනයි. මේ macro කියන එකනම් ගොඩ දෙනෙකුට අහල පුරුදු වචනයක් වෙන්න පුළුවන්. ඇත්තටම මොකද්ද මේ macro එකක් කියල කියන්නේ?? කොහොමද ඒකෙන් වැඩ පහසු කරගන්නේ??

එකේ වෙන්නේ ඇත්තටම මෙහමයි. macro එකක් කියල කියන්නේ අපි word වල හරි excel වල හරි නිතරම වගේ පාවිච්චි කරන commands එකට එකතු කරලා හදා ගන්න script එකක් වගේ දෙයක්. අපි කාටත් තේරෙන විදියට සරල උදාහරණයක් අරගෙන බලමු. ඔයගොල්ලෝ හිතන්නකෝ අපිට word document 100ක් හදන්න තියෙනවා. ඒ එක word document එකක විශේෂ වචන වගයක් තියෙනවා. ඒ

  • font size එක 16 වෙන්න ඕන
  • Bold වෙන්න ඕන
  • italic වෙන්න ඕන
  • underline වෙන්නත් ඕන

දැන් අපි ඔය ටික සාමාන්‍ය විදියට කරන්න ගියොත් අපිට සැහෙන්න වෙලාවක් යනවා. මොකද අපිට වෙන වෙනම තමයි කරන්න වෙන්නේ. නමුත් අද කතා කරන්න යන macro එකක් පාවිච්චි කරලා අපිට එක click එකකින් අපි හදන හැම document එකකම අපිට අවශ්‍ය කොටස් උඩ කියපු කොන්දේසිවලට හදාගන්න පුළුවන්. මේ විදිය හරිම සරලයි අපි කරන්නේ අපිට ඕන styles ඔක්කොම එක පාරක් record කරලා එක අපිට ඕන තැන වලදී run කරගන්න එකයි.

 

අපි බලමු මේක කරගන්න විදිය

  1. මුලින්ම word document එකක් open කරගෙන එකේ මොනවා හරි ටිකක් type කරගන්න.omap_perera_macro_0
  2. දැන් උඩ තියෙන ribbon menu එකේ VIEW tab එකට යන්න. ඊට පස්සේ Macros section එකේ macros button එක click කරල start recording option එකට යන්න.
    1. අලුතෙන් popup වෙන window එකේ keyboard icon එක click කරන්නomap_perera_macro_1
    2. ඊට පස්සේ අවශ්‍ය වෙලාවට macro එක enable කරගන්න shortcut key එකක් දෙන්න ඕන. මෙතැනදී මම Alt + shift + ; key combination එක දෙනවා.
    3. ඊට පස්සේ Assign button එක press කරලා Close button එක කරගන්නomap_perera_macro_2
  3. දැන් mouse cursor එකේ icon එක වෙනස් වෙලා තියෙනවා ඔයාට බලාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් macro එක record වෙනවා. දැන් ඔයාට ඕන formattings ටික එක පාරක් කරගන්න.omap_perera_macro_3
  4. දැන් VIEW > macros ගිහින් “stop recording” කියන option එක click කරන්න.omap_perera_macro_5using

 

දැන් සියලුම පියවර අවසන් !! දැන් තියෙන්නේ අපි record කරගත්ත එක අපිට ඕන තැන වල පාවිච්චි කරන්න විතරයි. ඒක කරන්නේ මෙහෙමයි.

මට ඕන මගේ paragraph එකේ “macro” සහ “sample text” කියන වචන දෙකටත් අර ඉස්සෙල්ල වගේම  formattings දෙන්න.

මුලින්ම ඕන වචන ටික highlight කරලා ඔයා දුන්න shortcut key එක press කරන්න (alt + shift + 😉omap_perera_macro_5using

 

අපි select කරපු ඔක්කොම වචන අපි record කරපු macro එකේ විදියට ඇවිත්. මේ macro එක වෙන ඕනෑම word document එකක වුනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අලුත් word document එකකදී වුවද මේ formatting එකවර ලබා ගැනීමට අලුතින් record කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ

මේ විදියට ඔයගොල්ලෝ කැමති විදියට ඕනෑම formatting එකක් record කරලා පාවිච්චි කරගැනීමේ හැකියාවක මේ macro කියන feature එකෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්

මේ ගැන ඔබට ප්‍රශ්න ඇත්නම් comment එකක් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න. නැතිනම් WindowsGeek help desk එකට ගොස් ඔබගේ ප්‍රශ්නය යොමු කරන්න.

Comments

comments