Windows 10 Mobile සමග පැමිණෙන one-handed mode feature එක.

Windows 10 Mobile සමග පැමිණෙන one-handed mode feature එක.

2604
1
SHARE

වර්තමානයේ ලොව අලෙවි වන බොහොමයක් smart phones වගේම Microsoft සමාගම විසින් හඳුන්වා දී ඇති smart phones වලින්ද සැලකිය යුතු ප්‍රමාණයක් අඟල් 5 ට ආසන්න හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයෙන් යුක්ත වෙනවා. මේ නිසාවෙන් කාර්යබහුල අවස්ථාවලදී phone එක use කරන විට තනි අතින් මුළු display එකම ආවරණ කිරීමට අපහසුයි. මේ සඳහා විසඳුමක් විදියට Microsoft සමාගම විසින් Windows 10 Mobile  වලට one-handed mode feature එක හඳුන්වලා දීලා තියෙනවා.

මෙම One-handed mode feature එක activate කර ගැනීමට, තත්පර කිහිපයක් Start button එක hold කරගෙන සිටිය යුතුයි. මෙය activate වූ විට පහත ඇති ආකාරයට තනි අතින් වැඩ කිරීමට ලේසි වෙන විදියට screen එක adjust වෙනවා.

one hand f

ආයෙමත් One-handed mode feature එක de-activate කර ගැනීමටනම්, කලින් විදියටම start button එක hold කරගෙන සිටිය යුතුයි. එහෙමත් නැත්නම් display එකේ උඩ කොටස touch කල යුතුයි.

මේ ආකාරයෙන් ඔබට ඉතාමත් පහසුවෙන් phone එක තනි අතින් operate කිරීමට මෙම feature එක use කර ගත හැක.

Comments

comments