Windows 10 සමග Battery ආයුකාලය වැඩිකරගමු

Windows 10 සමග Battery ආයුකාලය වැඩිකරගමු

3213
1
SHARE

මේ වෙද්දී ලෝකයේ ගොඩක් දෙනා Desktop වලට සමු දීලා Mobile Devices  භාවිතා කිරීමට පුරුදු වෙලා තියනවා. අද තාක්ෂණය කොච්චර දියුණු මට්ටමක තිබුනත් සමහර ප්‍රශ්න වලට නම් ස්ථිර විසඳුම් හොයා ගන්න තාමත් බැරි මට්ටමකයි තියෙන්නෙ. ඒ වගෙ ප්‍රශ්නයක් තමා අපි භාවිතා කරන Mobile Devices  වල Battery යේ ආයු කාලය.

නමුත් Windows 10 වලින් යුත් Mobile  Devices  භාවිතා කරන අයට නම් Microsoft ලා මේ සඳහා විසඳුමක් දීලා තියනවා. ඒ තමා Battery saver  කියන අලුත් Option  එක.

Battery Settings වලට යන්න නම් මුලින් ම Settings කියන Application එක open කරල, System කියන Option එක Click කලහම මේ කියන Battery saver කියන Option එක ලබා ගන්න පුළුවන්.

Photo 01

මෙතන දී Battery යේ Charging level  හි Overview  එකක් බලා ගන්න පුළුවන්. තව මෙතන දැක ගන්න පුළුවන් Battery Use කියල Link එකක්.මේ Section  එක තමා ගොඩක් ම ප්‍රයෝජන වත් වෙන්නේ. මෙහි දී List එකක් දැක ගන්න පුළුවන් Running Apps සඳහා Battery Usage එක. මෙ මගින් User ට අදහසක් ගන්න පුළුවන් මොන වගේ Apps ද Battery එක Charge නොවන  වෙලාවට Run කල යුත්තෙ හා නො කල යුත්තේ කියල. මේ Apps අතර Windows Edge, Cortana වගේ Windows Apps හෝ Desktop Application හා තව තව Components තියෙන්න පුළුවන්. මේ Option එකේ තියන තව Special feature එකක් තමා User ට කැමති පරිදි මේ කියන Apps වල Background option වෙනස් කිරීමට ඇති හැකියාව. ඒ කියන්නෙ Device එක Charge නොවන වෙලාවට මේ කියන Apps Use කරනවා ද නැද්ද කියන එක.

Photo 02

මීට අමතරව තව කවුරුත් දන්නා පරිදි sleeping options වලින් ද battery charge එක maintain කරන්න පුළුවන්. ඒ වගෙම Airplane mood use කරන්න එක, Wi-Fi, Bluetooth වගේ wireless communication disable කිරීම මගින් ද device එකේ Battery යේ ආයු  කාලය ඉහල දමා ගන්න පුළුවන්.

Comments

comments