iOS ද? ඒවුනාට ප්‍රවේසම් වෙන්න !!!

iOS ද? ඒවුනාට ප්‍රවේසම් වෙන්න !!!

2012
1
SHARE

iOS පරිශීලකයන් කනස්සල්ලට පත්කරවන පුවතක් පසුගිය සතියක නිකුත් වුනා. එනම් “Pegasus” නමින් හැඳින්වෙන spyware එකක් iOS උපාංග ඉලක්ක කරගනිමින් පැතිරී යනවා කියලා. Lookout කියන ප්‍රධාන පෙළේ iOS ආරක්ෂක සමාගම, iOS zero-day අවදානම් තත්ව 3ක් භාවිතයෙන් තමයි මේ spyware එක හඳුනාගෙන තියෙන්නේ. මේ අවදානම් තත්ව 3 ඔවුන් “Trident” ලෙස නම් කරලා තියෙනවා . iOS උපාංග ඉලක්ක කෙරුනු මේ malware එක වඩාත් සංකීර්ණ හා දිගටම පවතින ආකෘතියක් කියලා සමාගම තවදුරටත් අවදාරණය කරමින් කියා සිටිය. ඔවුන් පාරිබෝගිකයන්ට කියා සිටින්නේ තමන්ගේ iOS උපාංගය මේ අවදානම් තත්වයෙන් මුදවාගන්නනන් හැකි ඉක්මනින් මෙහෙයුම් පද්ධතිය(OS) නවතම version එකට update කරගන්න කියලා.

Microsoft සමාගමේ ව්‍යාපාර සහ ජංගම සේවාදායක සම්බන්ද ආයතනික උප සභාපති Brad Anderson මහතා Pegasus/Trident අවදානම ගැන පළ කළ අදහස් දැක්වුණු අලුත්ම බ්ලොග් වාර්තාවකට සියලු දෙනාගේම අවදානය යොමු වෙලා තියෙනවා . මෙහිදී Brad Anderson කියා තිබෙන්නේ IOS වුනත් ANDROID මෙන් අවදානම් වලට ලක් වීමට හැකියි කියලා. මෙය තුලින් සමාගම් වලට උගතු යුතු දේවල් මොනාද කියලත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා .


මේ සිදු වුන ප්‍රහාරයත් සමඟ කුමන platform එක හරි මොන apps හරි භාවිත කරත් අපි හැමෝම නිරන්තරයෙන් මෙවැනි ප්‍රහාර වල අවදානමට ලක්වී ඇති බව පැහැදිලි වෙනව කියලා තවදුරටත් Anderson කියා සිටියා . තවදුරටත් අදහස් දැක්වූ ඔහු,

“පසුගිය අවුරුදු දෙක තුල මට හම්බුන ගොඩක් විධායක නිලධාරීන් කිව්වා iOS platform එක ගැන ඔවුන්ට තියෙන්නේ නොසැලෙන ගම්ය විශ්වාසයක් කියලා. මේ වගේ කතා වලදී මට නිතරම අහන්න ලැබුණු දෙයක් තමයි “මම ANDROID විශ්වාස කරන්නේ නැහැ මොකද එය බටහිර තලයේ පිළිවෙලක් නැති දෙයක් ,එත් iOS ගැන නං මට තියෙන්නේ දැවැන්ත විශ්වාසයක්,මොකද එයට පාලනය කරන ලද පරිසර පද්ධතියක් තියෙනවා කියලා”.

මම Android හෝ iOS විවේචනය කරනවා නෙමේ, ඒ උනත් මේවා සම්බන්දව අපි තුල තියෙන ඉදිරිදර්ශනය ප්‍රශ්නයක්!. පැහැදිලි ලෙස කිව්වොත් ප්‍රශ්නේ නන්

“මම දන්නවා ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති නිපදවන සියලුදෙනාම වගේ නොයෙකුත් දේවල් කරනවා තම තමන්ගේ මෙහෙයුම් පද්ධති වඩාත් සංකීර්ණ කරලා වඩාත් අරක්සෂා සහිතව ලබා දෙන්න. ඒ උනාට සමාගම් මොනව කරලා මෙහෙයුම් පද්ධති ආරක්ෂා සහිතව නිපදවුවත් මේ digital තර්ජන වඩාත් වැඩි දියුණු වෙලා ,පහර දෙන්න සාර්ථක ලෙස ක්‍රම සොයාගන්නවා.”

Anderson මහතා කියන විදිහට දැන් ජංගම දුරකතනත් සාමාන්‍ය පරිගණක වගේම මෙවැනි ප්‍රහාර වල තර්ජනයන්ට ලක් වෙන ඉලක්කයක් බවට පත් වෙලා.මේකට හේතුවක් ලෙස ඔහු දක්වන්නේ බොහෝදෙනෙක් handset වැඩි ප්‍රමානයක් භාවිතා කිරීමයි. ඒ වගේම ඔහු කියනවා, මේ digital යුගයේ තියෙන්න පුළුවන් සංවිධාන වර්ග 2ක් විතරයි කියලා ,එනම් hack වුන අය සහ hack වෙලා ඒ ගැන තවමත් නොදන්නා අය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ cyber ප්‍රහාර වලින් ආරක්ෂා වෙන්න නන් හැමවිටම තමන්ට කුමන හෝ තර්ජනයක් තියෙනවා කියන උපකල්පනයෙන් කටයුතු කරන්න ඕනේ කියලා ඒ වගේම වැඩිදියණු ආරක්ෂක විධි විධාන යෙදීම ,වෙළෙන්දන් සහ ආරක්ෂක සේවා සපයන්නන් සමග යාවත්කාලීනව සිටීම, ඒකාබද්ධ ආරක්ෂාවක් ලබාදෙන්න පුළුවන් අයුරින් නිපදවුණු විසදුම් ලබා ගැනීම වගේ දේවල් වලින් ආරක්ෂාව තර කරන්න පුළුවන් කියලා ඔහු කියා සිටියා.

“එක් කූඩයක සියලු බිත්තර දැමීම අඥාන දෙයක් වගේම ඕනෑම ආරක්ෂක පද්ධතියක් ගත්තමත් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ නිසා තමයි Microsoft සමාගම ඔබේ සංවිධානය සඳහා හොඳම පදනමක් තියෙන සම්පාදනයක් ලබාදෙන්නේ” යයි පවසමින් Anderson ඔහුගේ කතාව අවසන් කරා.
Source : neowin.net

Comments

comments