IoT Tutorial #2 : IoT එක්ක Arduino

IoT Tutorial #2 : IoT එක්ක Arduino

6663
0
SHARE

ලොකු වැඩකට අහුවෙලා හිටපු නිසා IoT ගැන ලියන්න ටිකක් පරක්කු වුනා…
අද නම් කොහොම හරි වෙලාවක් හොයාගත්තා ඔයාලා වෙනුවෙන් අපේ දෙවෙනි article එක ලියන්න.
ඔයාලට මතක ඇති අපි අපේ පලවෙනි ලිපියෙන් IoT කියන්නෙ මොකද්ද කියල සරළ හැදින්වීමක් කලා. අද අපි කතා කරමු මේ IoT එක්ක arduino එකතු වෙන්නේ කොහොමද කියලා.

අපිට මේ IoT කියන සංකල්පය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුලුවන්,
1. Physical Layer
2. Coordination Layer
3. Application Layer

iot_architecture

මෙහිදී Physical Layer එක මගින් අපගේ input එනම් sensors මගින් ලබාගන්නා දත්තයන් Coordination Layer එකට ලබා දෙනවා. මෙහිදී අපිට Arduino, Galileo Gen 2, Raspberry-Pi 2 සහ තවත් මෙවලම් භාවිතා කරන්න පුලුවන්. අද අපි Physical Layer යටතේ Arduino වල features ගැන කතා කරමු.

featuresOfArduino

සරළවම කිව්වොත් Arduino කියන්න micro controller එකක්, අපි මෙහෙදි ප්‍රදාන වශයෙන් භාවිතා කරන්නෙ Arduino mega 2560. ඒ වගේම මෙහිදී අපිට Arduino යටතේ Arduino Nano, Arduino Uno සහ Arduino Due පාවිච්චි කරන පුලුවන්. මෙම arduino micro controller මගින් IoT සදහා input මෙන්ම output’ද ලබා ගත හැක.

ARDUINO.Mega.Pinout.Diagram

මෙහි Arduino මගින් ලබා ගන්නා දත්තයන් wire හෝ wireless මාර්ගයෙන් අපගේ Coordination Layer එකට ලබා දිය හැක. ඒ සදහා modules සහ shields භාවිතා කල හැක.

 

මෙහිදී අපට program කිරිම සදහා Arduino IDE සහ Visual Studio භාවිතා කල හැක. අපගේ මීලග ලිපියේදී Visual Studio සදහා Arduino IDE install කරගන්නා විදිය කතා කරමු. එවිට c# language එක භාවිතයෙන් Visual Studio එක්ක ඉතා පහසුවෙන් code කරන හැටි අපිට බලන්න පුලුවන්.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY