ඉදිරියේදි Microsoft ආයතනය ලෝකයට හඳුන්වාදෙන නවතම වෙනස්කම්

ඉදිරියේදි Microsoft ආයතනය ලෝකයට හඳුන්වාදෙන නවතම වෙනස්කම්

2139
1
SHARE

අද කියන්න යන්නේ පසුගිය 10, 11, 12 දිනවල තිබුන Microsoft Build 2017 conference එකේදී Microsoft ආයතනය ලෝකයට ඉදිරිපත් කරපු අලුත්ම, ගොඩාක් වැදගත් ආරංචි ටිකක් ගැන.

Windows 10 Fall Creators Update

Windows 10 Fall Creators Update එක මේ අතරින් තියන වැදගත්ම ආරංචිය කියල කියන්න පුළුවන්.මේ අලුත්ම update එකේ තියන විශේෂත්වය තමයි මේකෙදි 3D productivity එකට වඩා වෙනස්ම දෙයක් තමයි focus වෙන්නේ. ඒ තමයි on cross-device experience එක. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඔයා ඔයාගේ Surface එකේ පටන් ගන්න ඕනෙම work එකක් ඔයාගේ smartphone එක හරි ඒවගේ ඕනෙම device එකක් හරි use කරලා ඉවර කරන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා කියන එක. ගොඩක් දුරට මේ update එක මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ release වේවි.

 

Microsoft Fluent Design System

මේ කියන්නේ Windows Interface එක ගැන. Build conference එකේදී මේක ගැන හඳුන්වපු Joe Belfiore කියන පුද්ගලයා මේ system එක විස්තර කළේ light, depth, motion, material සහ scale කියන focuses පහ අතින් දැනට තියන Windows Interface එකේ සිද්ධ වෙන අලුත්ම පෙරලියක් විදියට. මේ අලුත්ම වෙනස්කම් වල එකතුවෙන් අපිට හොඳ user-friendly experience එකක් ඉස්සරහට ලබාගන්න පුළුවන් වේවි.

 

Story Remix

Story Remix කියන්නේ ලේසියෙන්ම හොඳ videos create කරගන්න පුළුවන්, Microsoft සමාගම ඉදිරිපත් කරන අලුත් ම Windows app එක. Story Remix වලට ඔයාගේ smartphone එකේ තියන photos videos අරගෙන ඒවා වලින් instant video stories create කිරීමේ හැකියාව තියනවා. කලින් කිව්වා වගේ මේකේ තියන විශේෂත්වය තමයි මිනිත්තු ගණනක පොඩි වෙලාවක මහන්සියකින් professional level quality එකක් තියන video එකක් අපිට create කරගන්න හැකියාව ලැබෙන එක. මේ app එක තුලින් ඔයාගේ හැකියාවත් පාවිච්චි කරලා videos edit කරගන්න පුළුවන් වගේම මහන්සියක් නැතුව edit කිරීම සම්පූර්ණයෙන් ම වගේ app එකට කරන්න බාරදෙන්නත් පුළුවන්. මේ app එක advanced 3D features වලටත් support කරන එක තවත් වාසියක්.

 

Advanced Surface Pen

Microsoft ආයතනය දැනට හඳුන්වලා දීලා තියන stylus එක, Surface use කරන පිරිස අතරේ ජනප්‍රිය දෙයක් බව නොරහසක්. කලින් කිව්ව Fall Creators Update එකත් එක්ක මේ stylus එකත් වැඩිදියුණු වුණා කියලා Build Conference එකේදී පැවසුනා. ඒත් සමගම stylus එක භාවිතයේදී තිබුන frictions ගොඩක් දුරට නැතිවෙලා යාවි කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අලුත් වෙනස්කම් එක්ක දැන් මේ stylus එකට Edge browser එකත් එක්ක සම්පූර්ණයෙන්ම interact වෙන්න පුළුවන්. ඒවගේම අපිට Windows වල navigate කරන්නත්, text box වල ලියන්නත්, text select කරන්නත් වගේම scroll කරන්නත් හැකියාව ලැබෙනවා. තවදුරටත් අපිට word document එකක වචන strike through කරන්නත් වගේම PDF files annotate කිරීමේ හැකියාවත් ලැබෙනවා.

 

VR Motion Controllers

Microsoft සමාගම ඒ අයගේ Windows Mixed Reality VR headsets වලට හඳුන්වලා දීපු අලුත් ම motion controllers set එක තමයි මේ. external cameras හෝ markers වෙනුවට මේ motion controllers සම්පූර්ණයෙන්ම track වෙන්නේ headset එකේ තියන sensors වලින්. track කිරීම වෙනුවෙන් LED වලින් හැදුන ring එකකින්, round trackpad panel එකකින්, analog stick එකකිනුත්, Windows button එකකින්, side grip trigger එකකින් සහ menu button එකකිනුත් තමයි මේක design වෙලා තියෙන්නේ. ඒවගේම මේකේ tracking rings design වෙලා තියෙන්නේ සිරස් අතට place වුන පැතලි cup-holders වගේ. ඒ කියන්නේ මේකට තියෙන්නේ inside-out tracking technology එකක්. ඒකෙන් කියවෙන්නේ මේ motion controllers, room එකේ තියෙන towers වෙනුවට, ඔයාගේ මුහුණේ තියන sensors වලට track වෙන බවයි. virtual සහ augmented reality systems, ඒවාටම වෙන්වුන VR Rooms වල set up වෙනවා වෙනුවට ඕනෑම තැනක බාවිතා කිරීමට හැකි මට්ටමකට ගෙන ඒම තමයි මේකෙන් Microsoft සමාගම බලාපොරොත්තු වෙන්නේ.

 

Cloud-Powered Clipboard

Windows 10 වලට directly ම implement වෙලා තියන මේ අලුත් Cloud-Powered Clipboard එකෙන් Windows 10 usersලට අවස්තාව තියනවා  app එකකින් content copy කරලා ඕනෙම mobile device එකකට paste කරගන්න. මේකේ තියන විශේෂත්වය තමයි මේක Windows හැර iOS, Android වගේ වෙනත් platforms වලත් use කරන්න පුළුවන් වෙන එක. Microsoft සමාගම අදහස් කරලා තියනවා මේ functionality එක enable කරගන්න එයාලගේ Swift key keyboard එක යොදාගන්න. එකේදී වෙන්නේ windows 10 PC එකකින් copy කරගත්ත content list එක keyboard එකේ appear වෙන එක. ඒවගේම තවත් දෙයක් තමයි Microsoft සමාගම මේ functionality එක Office Apps වලටත් directly implement කරන්න සුදානම්. ඒකෙන් අපි phone එකෙන් copy කරගන්න content කෙලින්ම office document එකකට paste කරගන්න හැකියාව ලැබෙනවා.

 

iTunes in Windows Store

Music වලට ඇලුම් කරන අයට නම් මේක සුභ ආරංචියක් වේවි. මේ අවුරුද්ද අග දී Apple සමාගම iTunes වල Microsoft’s digital store version එකක් release කරන්න සුදානම්.

Microsoft සමාගම මේ විදියට Microsoft Build 2017 conference එකේදී අපි බලාපොරොත්තු වූ නොවූ ගොඩක් අලුත් ආරංචි ඉදිරිපත් කළා. මේ විදියේ අලුත්ම අත්දැකීම් ගොඩක් ලැබෙන තවත් වෙනස්කම් ගොඩක් අපිට ඊළඟ conference එකේදිත් බලාගන්න පුළුවන් වේවි.

sources : THE VERGE

Comments

comments