LG සමාගම Windows 10 ඇතුළත් ශීතකරණයක් හඳුන්වා දෙයි.

LG සමාගම Windows 10 ඇතුළත් ශීතකරණයක් හඳුන්වා දෙයි.

3118
1
SHARE

මෙවර Las Vegas හිදී පැවැත් වුන CES 2016 ඉලෙක්ට්‍රොනික සහ තාක්ෂණ වෙළඳ ප්‍රදර්ශනයේදී Samsung සමාගම විසින් අඟල් 21.5 ක දිගින් යුත් tablet එකකින් සමන්විත ශීතකරණයක් හඳුන්වා දෙනු ලැබුවා. Family Hub ලෙස නම් කෙරුනු මෙහි Android ධාවනය වූ නමුත් user interface එක Windows 10 Start-screen එකට බෙහෙවින් සමාන වුනා.

img1

Samsung සමාගමේ ප්‍රධාන තරඟකරුවෙකු වන LG සමාගම ද අඟල් 21.5 ක tablet එකක් ඇතුලත් ශීතකරණයක් අලුතෙන් හඳුන්වා දී තිබෙනවා. LG Smart Instaview Signature Door-in-Door Refrigerator ලෙස නම් කර ඇති මෙම ශීතකරණයේ සම්පුර්ණ Windows 10 මෙහෙයුම් පද්ධතියම ඇතුලත් වෙනවා.

img2

ජර්මනියේ බර්ලින් නුවර පැවැත් වෙන IFA ඉලෙක්ට්‍රොනික සහ ගෘහ උපකරණ ප්‍රදර්ශනයේදී තමයි LG සමාගම මෙම තිරයක් සහිත ශීතකරණය මුලින්ම ප්‍රදර්ශනයට පත් කළේ. මෙම තිරය හරහා ශීතකරණයේ දොර විවෘත නොකර දොරට තට්ටු කිරීමෙන් පමණක් ශීතකරණය තුල ඇති දේවල් දැක බලා ගැනීමේ හැකියාව පවතිනවා. LG Smart Instaview Signature Door-in-Door ශීතකරණය ඉදිරියේදී නිසැකවම Samsung Family Hub වෙත අභියෝගයක් වනු ඇත.

ශීතකරණ වලටම සුවිශේෂී වූ විශේෂාංග කිහිපයක් LG Smart Instaview Signature හිදී අපිට දැක ගන්න පුළුවන්. අහාර පාන වල icons drag and drop කිරීම, countdown timer එකක් set කිරීම, අහාර පාන වල කල් ඉකුත් වීමේ දිනයන් සහ ඒවායේ ගුණාගුණ මතක තබා ගැනීම වැනි ඉතාමත් ප්‍රයෝජනවත් සේවාවන් රැසක් මේ හරහා අපිට සැපයෙනවා. මීට අමතරව සාමාන්‍ය Windows 10 මෙහෙයුම් පද්ධතියක මෙන් applications install කර ගැනීමටත්, Edge web browser එක භාවිතයෙන් cooking recipe බලා ගැනීමටත්, Netflix හරහා චිත්‍රපට නැරඹීමටත් දැන් LG Smart Instaview Signature හරහා ඔබට පුළුවන්.

මෙම ශීතකරණයේ තවත් විශේෂ අංගයක් වන්නේ එහි Cortana ද ඇතුලත් වීමයි.

LG Smart Instaview Signature Door-in-Door ශීතකරණය මෙම වර්ෂයේ අග භාගයේදී හෝ 2017 වර්ෂයේ මුල් භාගයේදී වෙළඳපොළට නිකුත් වීමට නියමිතයි. මෙම ශීතකරණයේ මිල තවමත් ප්‍රකාශයට පත් කර නැති නමුත් Instaview ශීතකරණ පෙළේ අවම මිල ඇමෙරිකානු ඩොලර් 4,299ක් පමණ වේ යැයි අනුමාන කරනවා. මෙම නිපැයුම ශීතකරණ වෙළඳපොලේ පෙරලියක් සිදු කරනු ඇති බවට බොහෝ දෙනා අදහස් පළ කරනවා.

LG Smart Instaview Signature Door-in-Door ශීතකරණයේ ක්‍රියාකාරිත්වය සිදු වෙන්නේ කොහොමද කියලා පහත දැක්වෙන වීඩියෝ වලින් ඔයාලට තවත් හොදින් බලාගන්න පුළුවන්.

source:mspoweruser.com

Comments

comments