Microsoft band 2 එකේ අලුත්ම විස්තර leak වෙයි.

Microsoft band 2 එකේ අලුත්ම විස්තර leak වෙයි.

2812
1
SHARE

2014 Oct 30, Microsoft band උපාංගයේ first generation එක release කිරීමෙන් අනතුරුව, Microsoft සමාගම පවසා සිටියේ, design සහ functionality යන category දෙකම යටතේ වැඩිදියුණු කරමින් එහි second version එක වෙළදපොලට නිකුත් කරන බවයි. කෙසේවෙතත් ලබන ඔක්තෝබර් මාසයේ 6 වැනි දිනයට යෙදී තිබෙන windows 10 සමග පැවැත්වීමට නියමිත විශේෂ වැඩසටහනේදී මෙම Microsoft band 2 එක එළිදක්වනු ඇති බොහෝ දෙනා අනාවැකි පල කරනවා.

Microsoft-Band-2.1

මේ අතර ඊයේ දිනයීදී Spanish වෙබ් අඩවියක් වන MicrosoftInsider.es වෙබ් අඩවිය තුලින්, මෙම එළිදැක්වීමට නියමිත band 2 එකේ විස්තර බොහොමයක්  leak වෙලා තියෙනවා. එහි ඇති ආකාරයට මෙහි front panel එකට metallic finish එකක් ලබා දීල තියෙනවා. තවද first band එකට සාපේක්ෂව band 2 එකේ battery position එක වෙනස් කර තිබෙන අතර මෙහි  physical buttons දෙකක්ද දකින්න පුළුවන්. ඒ අතර විශේෂතම feature එක තමයි,  curved shaped display එකකින් සමන්විත වීම. එය අතේ පැළද සිටින විට පහසුවක් ගෙන දෙන ආකාරයට සකස්කොට තිබෙනවා. මීට අමතරව තවත් වැඩිදුර features තවම ප්‍රසිද්ධ කරලා නැහැ.

Microsoft-Band-2.2

නව band 2 එක සමගින් පැමිණෙයි යයි බලාපොරොත්තු වන hardware sensors කිහිපයක්.

  • Optical heart rate monitor
  • Accelerometer/Gyrometer
  • GPS
  • Microphone
  • Ambient Light Sensor
  • Galvanic Skin Response (GSR) sensors
  • UV sensor

 

තොරතුරු ලබාගැනීම :  MicrosoftInsider.es

Comments

comments

1 COMMENT

Leave a Reply to Lumia 550 Smartphone හි විස්තර Leak වෙයි… - Windows Geek | The Ultimate Geek Hub for Microsoft fans Cancel reply