Microsoft සමාඟම Apple සමාඟමේ Tablet වෙළදාම පරදවයි

Microsoft සමාඟම Apple සමාඟමේ Tablet වෙළදාම පරදවයි

2987
1
SHARE

මෙතෙක් කලක් Tablet ලොවේ ඉදිරියෙන්ම සිටි Apple සමාඟම 2010 වර්ෂයේ සිටම අඛණ්ඩව Tablet පරිගණක නිශ්පාදන හා එහි වෙළදාම අතින් ප්‍රමුඛස්තානයක් ගනු ලැබුවා. නමුත් නවතම දත්තයන් අනුව Apple සමාඟමේ මෙම ප්‍රමුඛ ස්තානය Microsoft සමාඟම විසින් ලබාගෙන තිබෙනවා. එනම් 2015 ඔක්තෝබර් මස සිට Microsoft සමාඟම විසින් නිෂ්පාදණය කරණු ලැබු Surface Tablets හා Surface Book යන Tablet පරිගණක අන්තර්ජාලය ඔත්සේ අළෙවිවී ඇති සංඛ්‍යාව ඉතා ඉහල අගයකින් වැඩිවී තිබෙනවා.

Online-Tablet-Share-Trending-by-Brand-YTD-1050x584

ඉහත දැක්වෙන ප්‍රස්ථාරයට අනුව 2015 වසරේ ඔක්තොම්බර් මස සිට Microsoft සමාඟමේ Tablet වෙළදාම 45% කින් ඉහල ගොස් තිබෙනවා ඒ අනුව Apple සමාඟමේ Tablet වෙළදාම 17%කින් බිදවැටි තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වරට Apple සමාඟමේ Tablet වෙළදාම පහත වැටී අයුරු මෙයින් නිගමනයට එළබිය හැකිය.

තවද පහත ප්‍රස්තාරයෙන් Tablet සඳහා වන මිල ගනන් හා එහි වෙළදාම සාමාන්‍ය අගයන් දක්නට ලැබේ.

Average-Selling-Price-by-Brand--1041x630

සියලුම Tablet පරිගණක සඳහා වන වෙලදපොලෙහි වැඩිවීමක්  ඔක්තොම්බර් මස සිට පෙන්නුම් කරනු ලබන අතර මෙයට ප්‍රධාන හෙතුව වන්නේ Apple සමාඟම විසින් iPad Mini 4 හඳුන්වා දීමත් Microsoft සමාඟම විසින් Surface 3 හා Surface Pro 4 හදුන්වා දීමත් විය හැකිය.

Size-of-tablet-market-1041x630

කෙසේ නමුත් ගතවූ මාස 12 තුල Apple සමාඟමේ  සියලුම වෙළදාම් සැලකීමේදී, ප්‍රමුඛතම ස්ථානය නම් තවම වෙනස්වී නැති බව පහත ප්‍රස්තාරයෙන් ඔබට පැහැදිලි වනු ඇත.

Share-of-Top-Brands-Selling-Tablets-Online

WinBeta ඇසුරෙනි

Comments

comments