Slack මෘදුකාංගයට අභියෝගයක් එල්ල කිරීමට Microsoft සමාගම සුදානම්.

Slack මෘදුකාංගයට අභියෝගයක් එල්ල කිරීමට Microsoft සමාගම සුදානම්.

1929
2
SHARE

Slack කියන්නේ මෑත කාලයේදී ජනප්‍රිය වුන messaging app එකක්. Slack මෘදුකාංගය මුලින්ම වෙළඳපොළට නිකුත් වුනේ 2013 අගෝස්තු මාසයේදීයි. Slack, team collaboration tool එකක් විදිහට තමයි වැඩිපුරම භාවිතා වෙන්නේ. Teams අතර සන්නිවේදන කටයුතු වලදී අවශ්‍ය වෙන direct messaging, file uploading, receiving notifications වගේ features රාශියක් Slack මෘදුකාංගයේ ඇතුළත් වෙනවා.

slack

Microsoft සමාගම, Slack මෘදුකාංගය ඇමරිකානු ඩොලර් බිලියන 8 කට මිලදී ගැනීමට සූදානම් වෙන බව පසුගිය මාර්තු මාසයේදී වාර්තා වුනා. ඒත් දැන් ලැබෙන වාර්තා වලට අනුව නම් Microsoft සමාගම එම අදහස අත්හැර දමා තිබෙනවා. ඒ ඔවුන්ගේම මෘදුකාංගයක් වන Skype, team collaboration tool එකක් විදිහට වැඩි දියුණු කිරීමට තීරණය කිරීමත් සමඟයි.
Microsoft සමාගම මෙම මෘදුකාංගය නම් කරලා තියෙන්නේ Skype Teams කියලයි. Slack මෘදුකාංගයේ දකින්න ලැබෙන features වලට බොහෝ සෙයින් සමාන features, Skype Teams වලත් තියෙනවා කියලයි වාර්තා වෙන්නේ. කොහොම වුනත් team communication වලදි ගොඩක් ප්‍රයෝජනවත් වෙන features රාශියක් Skype Teams වල ඇතුළත් වෙනවා.
උදාහරණයක් විදිහට එක team එකක් ඇතුලේ තියෙන වෙනස් groups, ඒ කියන්නේ channels වල chat කරන්න මේ හරහා පුළුවන්. ඊට අමතරව Direct Messages හරහා එකිනෙකා සමඟ කථා කරන්නත් පුළුවන්. Threaded Conversations කියන්නේ Slack මෘදුකාංගයේ දකින්න නොලැබෙන එත් Skype Teams වල තියෙන feature එකක්. එමඟින් අපිට පහසුවෙන්ම message එකකට reply කරන්න පුළුවන් වගේම තවත් කෙනෙකුට වුනත් ඒ conversation එකට join වෙන්න පුළුවන්. අපි මෙච්චර කල් පාවිච්චි කරපු Skype වල වගේම Skype Teams වලත් video call facility එක තියෙනවා. ඊට අමතරව online meetings schedule කරන්නත් Skype Teams වලින් පුළුවන්.

img2
ඉහත රුපයේ තියෙන්නේ Skype Teams වල screen එකක්. එකේ වම් පැත්තේ තියෙන sidebar එකෙන් ඔයාලට ලේසියෙන්ම app එකේ වෙනස් features වලට යන්න පුළුවන්. Meetings වලින් ඔයාලගේ schedules බලාගන්න වගේම Files වලින් OneDrive එකට connect වෙන්නත් මේ හරහා පුළුවන්.

Skype Teams වෙළඳපොළට නිකුත් වෙන දිනයක් තවමත් ප්‍රකාශයට පත් කරලා නැහැ. දැනට ලැබෙන වාර්තා වලට අනුව නම් Skype Teams මුලින්ම භාවිතා කරන්න ලැබෙන්නේ Office 365 subscribers ලාටයි. Microsoft’s Ignite සමුළුව මේ මාසය අග දී පවත්වන්නට සුදානම් කරලා තියෙනවා. Skype Teams ගැන වැඩිදුර තොරතුරු මේ සමුළුවේදී දැනගන්නට ලැබෙයි කියලයි ගොඩක් දෙනා බලාපොරොත්තුවෙන් ඉන්නේ.

source: neowin

Comments

comments